Local News
October 20, 2022
332 views 0 secs 0

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් සෙනසුරාදා (22) රාත්‍රී 10.00 සිට ඉරිදා (23) දහවල් 12.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ 2, 3, 4, 5, 7, 8, 9 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එමගින් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන […]

Local News
October 20, 2022
316 views 0 secs 0

ආනයනික තිරිගු පිටි මිල පහලට..

ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 25, අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (EFCඓඨෑ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් වත්මන් මිල රුපියල් 265ක් වේ. කෙසේ වෙතත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් ගෙඩියක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනු ලබන්නේ තිරිඟු පිටි මිල රුපියල් 270 […]

Local News
October 19, 2022
302 views 3 secs 0

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි..

ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ඕනෑම සතොස අලෙවි සැලක් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවද එම ආයතනය පෙන්වා දී සිටියා. මිල අඩු කල භාණ්ඩ ලැයිස්තුව පහතින්. සුදු ලූණු 1Kg 60කින් (නව මිල රු.490)පාන් පිටි 1Kg 55කින් (නව මිල රු.320)හාල්මැස්සන් 1Kg 50කින් (නව මිල රු.1450)කඩල […]

Local News
October 19, 2022
303 views 0 secs 0

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජිවිතක්ෂයට

අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Local News
October 18, 2022
298 views 0 secs 0

නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව 70% කින් ඉහළ දමා ඇති බවයි

Local News
October 17, 2022
307 views 3 secs 0

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය – රු 370/- (අඩු කල මිල රුපියල් 40/-)ඔටෝ ඩීසල් ලීටරය – රු 415/- (අඩු කල මිල රුපියල් 15/-)

Local News
October 17, 2022
296 views 1 sec 0

පෙට්‍රල් මිල් පහලට..

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ප්‍රකාශ කර සිටියා. නව මිල පහතින්.92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරය රු.370/- (රු.40කින් අඩු වී ඇත.) ඔටෝ ඩීසල් ලීටරය රු. 415/-(රු.15කින් අඩු වී ඇත.)

Sports
October 16, 2022
275 views 0 secs 0

ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු ජය..

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති 20 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්විය. ගීලොන්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක නැමීබියාව ට මුලින්ම පන්දුවට පහරදීම ට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් […]

Local News
October 15, 2022
301 views 0 secs 0

මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට..

මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා. මෙලෙස මියගොස් ඇත්තේ, දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහියංගනය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. ප්‍රදේශවාසීන් විසින් ඔහු මුදා මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.