Local News, Politics
October 27, 2022
604 views 0 secs 0

පළාත් පාලන මැතිවරණය ගැන යෝජනාවක්..

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වන බව වාර්තා වේ.

Local News
October 26, 2022
348 views 0 secs 0

සතොස අලෙවිසැල්හි තොග සීමාවන් ඉවතට…

ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය පවසනවා. අද වනවිට ඕනෑම සතොස වෙළඳසැලක තත්වයෙන් උසස් වූ භාණ්ඩ තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බව ද ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කර සිටියා.

Local News
October 24, 2022
303 views 10 secs 0

හෙට හා අනිද්දා පැය 2කට අධික විදුලි කප්පාදුවක්…

හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01කද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Local News
October 24, 2022
309 views 0 secs 0

ලිට්‍රො ගෑස් මිලේ නැවත වෙනසක්?

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

Local News
October 24, 2022
304 views 0 secs 0

කැසිනෝ, ඔට්ටු සහ සූදු බදු ඉහළට…

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එමෙන්ම ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Entertainment
October 24, 2022
470 views 0 secs 0

දීපවාලී උත්සවය අදයි.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි සඳහන් වන්නේ.විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරගාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

Local News
October 24, 2022
322 views 0 secs 0

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැක.අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති […]

Local News
October 23, 2022
313 views 0 secs 0

නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාවත් සමඟ තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙනවා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ […]

Local News
October 21, 2022
325 views 0 secs 0

22 වන සංශෝධනය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ.

අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01 ලැබුණා.

Local News
October 20, 2022
316 views 0 secs 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහනේ වෙනසක්..

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.දුම්රිය ධාවනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර මීට පෙර දුම්රිය ධාවනය වෙලාවට මිනිත්තු 10ට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ. නව […]