ජය ශ්‍රී මහා බෝධියට හානි කරන කුළුණු පිළිබඳ විමර්ශනය සදහා විශේෂ කමිටුවක් පත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා විමර්ශනය කිරීම සඳහායි.අටමස්ථානාධිපති හිමිගේ විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම කමිටුව පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසූහ.
