Local News
August 26, 2022
336 views 0 secs 0

පොලිසියේ ඉහල තනතුරු වලට පත් වූ කාන්තා නියෝජනයන්..

ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය හා කමිටු ලේකම් ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් කර තිබේ.

Local News
August 25, 2022
341 views 1 sec 0

රංජන් රාමනායක හෙට හෝ සඳුදා නිදහස් වෙනවා – හරීන් ප්‍රනාන්දු

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව ප්‍රකාශ කර සිටියා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. අදාළ Twitter පණිවිඩය පහතින්,

Health, Local News
August 24, 2022
296 views 0 secs 0

කොවිඩ් වාර්තාව..

අද (24) දින තුළ මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් ‍රෝගීන් සංඛ්‍යාව 105 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

Local News
August 24, 2022
289 views 0 secs 0

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා ඩෑන් ප්‍රියසාද්ගේ ජංගම දුරකථන CID යට

අද (24) දින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට සහ  ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද බවයි සඳහන් වන්නේ. ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම […]

Local News
August 23, 2022
300 views 0 secs 0

භාණ්ඩ 300කට අධික ප්‍රමාණයකට ආනයනික සීමා..

අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. චොක්ලට් සහ කොකෝවා අඩංගු අනෙකුත් ආහාර සැකසීම් සහ සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ එමෙන්ම පිරිමි සහ කාන්තා ඇඳුම් කට්ටල, යට කලිසම්, අත් ඔරලෝසු, […]

Local News
August 22, 2022
313 views 0 secs 0

නැවත විවෘත වන විශ්ව විද්‍යාල….

සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. මෙහිදී සිසුන්ට online සහ ශාලා දේශන ලෙස දේශනවලට සහභාගී වීමට අවස්⁣ථාව හිමි වේ.

Local News
August 22, 2022
320 views 0 secs 0

වැඩ කරන්න බැරි නම් අයින් වෙලා යන්න – ජනපති

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවයි.වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.ජනපති වැඩිදුරටත් සඳහන් කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ […]

Local News
August 21, 2022
310 views 0 secs 0

භූමිතෙල් මිල ඉහලට…

අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ නංවා ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ අනුව නව මිල රුපියල් 340 කි.

Local News
August 21, 2022
301 views 10 secs 0

හෙට දිනත් පැය 3ක විදුලි කප්පාදුවක්…

හෙට (22) පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් වශයෙන්විදුලි කප්පාදු සිදුවනු ඇති.

Local News
August 20, 2022
312 views 0 secs 0

අද රාත්‍රීයේ කොළඹ ජල කප්පාදුවක් ..

අද (20) රාත්‍රී 11.00 සිට හෙට (21) පෙරවරු 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරේ .