World News
August 30, 2022
320 views 0 secs 0

ජනපතිගේ නාන තටාකයට බැස්ස ඉරාක විරෝධතාකරුවන්…

පාලනයට එරෙහි අරගලයක නිරතව සිටින ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයෙන් නාන තටාකයේ බැස විනෝද වන අයුරු දැක්වෙන දර්ශන සමාජජාලාවල සංසරණය වෙමින් පැවතිණි. විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි කිහිපයකම බලය අල්ලා ගෙන ඇති අතර ඉරාක රාජ්‍යය ඇඳිරි නීතිය පනවමින් ඊට ප්‍රතිචාර දක්වන ලදී. ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කිරේමත් සමග […]

Local News
August 29, 2022
321 views 0 secs 0

හෙට සිට විදුලි කප්පාදු කාලය අඩුවෙයි.

අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා විදුලිය ඇනහිටීම් දිනකට පැය 2 සහ විනාඩි 20 කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW:දිවා කාලයේ පැය 1 හා රාත්‍රී කාලය තුළ පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිතයි.

Local News
August 29, 2022
297 views 0 secs 0

මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට පැවති කිසිඳු රජයක් කටයුතු කර නැහැ – අනුර කුමාර

බලාපොරොත්තු සහ අපේක්ෂා රැසක් සමඟ රටට නායකයෙක් පත් කළද ඉතා කෙටි කාලයකින් එම නායකයා කෙරෙහි තිබූ අපේක්ෂා බිඳ වැටීමට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. බණ්ඩාරවෙල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩ නැගීමට ජනතාවට වුවමනාවක් ඇත්නම් ඒ හා සමාන වුවමනාවක් ජාතික ජන බලවේගයට ඇති බවයි.

Local News
August 28, 2022
456 views 4 secs 0

උසස් පෙල ප්‍රතිපල නිකුත් කෙරේ…

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකා කර සිටියා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Sports
August 27, 2022
330 views 2 secs 0

කඩුලු 8ක ජයක් වාර්තා කල ඇෆ්ඝන් කණ්ඩායම…

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා අතර ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම […]

Local News
August 27, 2022
336 views 0 secs 0

අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර.

ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. දින 2ක් තුළ ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Local News
August 27, 2022
307 views 0 secs 0

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කෙරේ…

සැප්තැම්බර් 1 වනදා ක්‍රියාත්මක වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්

Local News
August 26, 2022
318 views 4 secs 0

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන…

අගෝස්තු 27 සහ 28 දිනවල පැය 03ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (ඵ්UCSළ්) අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව ඇඹ්Cඪ්EFඝ්HඓJඛ්ළ්ඵ්Qර්‍Sඨ්UVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් හා රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

Local News
August 26, 2022
316 views 0 secs 0

භාණ්ඩ ආනයන සීමා තාවකාලිකයි – මහ බැංකු අධිපති

භාණ්ඩ ආනයන සීමා පැනවීම තාවකාලිකව සිදු කරන ලද දෙයක් බවත් ඒ තුළින් යම් ව්‍යාපාරවලට බලපෑමක් වන නමුත් මේ අවස්ථාවේ සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිතා කිරීම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. පවතිනන තත්ත්වය සමනය වූවාට පසු පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Local News
August 26, 2022
302 views 0 secs 0

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්…

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක්, රන්ජන් රාමනායක මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන් තබා තිබේ. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.