IMF කාර්ය මණ්ඩල සාමාජිකයින් යළි මෙරටට..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම සාමාජිකයින් මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියා. මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනට පැමිණ මෙරට […]
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව් දෙනෙකු අද (18) පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව මුදලිගේ අත්අඩංගුවට හා ඔහුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන තුනක් ජනපති නම් කරයි
රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව […]
බොරතෙල් තොගයක් දිවයිනට…
දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අතර තවත් බොරතෙල් නෞකාවක් ලබන 29 වැනි දා මෙරටට ළඟාවන අතර එහි බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.
හෙට සිට විදුලි කප්පාදුව දිර්ඝ වේ.
හෙට (16) සිට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීම හේතුවෙන් එය ආපසු ගෙවීමට ආසන්න වශයෙන් දින 14ත් 16ත් අතර කාලයක් ගතවන බැවින් මෙය සිදු වූ බව එහි සඳහන් වේ. ඒ අනුව හෙට සිට පහත පරිදි පැය 3ක විදුලි කප්පාදුවක් සිඩු කරන […]
