QR කේත වංචාවට එරෙහිව දැඩි පියවර
ව්‍යාජ QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.ව්‍යාජ QR කේත භාවිත කර ඉන්ධන ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දැරීමේ එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.එවැනි QR කේත හඳුනාගැනීම සඳහා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.
22 වන සංශෝධනය ගැසට් කෙරේ…
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි ගැසට් නිවේදනයක් මගින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වුණා.
රැට්ටා ඇප මත මුදා හැරේ…
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ, අත්අඩංගුවට පත් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.
ජනාධිපතිගෙන් ඉල්ලීමක්…
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නියමාකාරයෙන් පිළිපදින ලෙසත්, එන්නත් ලබා නොගත් සියලුම දෙනා කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසත් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද…
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය. මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස විකාශනය කරන අතර ඒ අනුව අද සිට අගෝස්තු 12 වනදා දක්වා පෙරහැර සජීවීව නිවසේ සිට https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ/featured යන යූටියුබ් ලින්ක් එක හරහා නැරඹීමේ හැකියාව පවතිනවා.
