Local News
July 21, 2022
534 views 0 secs 0

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහලට…

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙන බව දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කලා. අදාල ගැසට් […]

Local News, Politics
July 21, 2022
313 views 0 secs 0

නව ජනපති අද දිව්රුම් දෙයි….

අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

Local News
July 20, 2022
280 views 0 secs 0

අගමැති ජනපති ධූරයට

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ඡන්ද 134ක් ලබා ගනිමින් ඔහු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. සෙසු ජනාධිපති අපේක්ෂක වු ඩලස් අලහප්පෙරුම ඡන්ද […]

Local News
July 20, 2022
306 views 0 secs 0

අද විදිලි කප්පාදුව පැය 3කට අධිකයි…

අද (20) පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව ඇ, සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි විනාඩි 20 ක්ද, පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද විදුලිය කප්පාදු කරන අතර වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 20 ක කාලයක් විදුලිය […]

Local News
July 19, 2022
284 views 0 secs 0

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ඇරඹේ

ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද පාර්ලිමේන්තු සැසියේදී නම් කෙරේ. ජනාධිපති ධූරය සඳහා තරගවදින අපේක්ෂකවරුන් වන්නේ ඩලස් අලහප්පෙරුම,රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රිවරුන් වේ. මේ සදහා හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සිදුවීමට නියමිතය.

Local News
July 19, 2022
302 views 0 secs 0

බස් ගාස්තු පහලට…

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සංශෝධිත ගාස්තු පිළිබඳව නිර්දේශය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියා.ඒ අනුව නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Local News
July 18, 2022
270 views 0 secs 0

වැඩ බලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බවත්, මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි සංශෝධනය යළි ගෙන එන බවත් වැඩබලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලා. ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව තමන් පැහැදිළි කළ බවත්, කෙසේ වෙතත් ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 […]

Local News
July 18, 2022
276 views 0 secs 0

අද සිට රට තුළ බලාත්මක වන හදිසි නීතිය…

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.