Local News
July 09, 2022
287 views 0 secs 0

කොළඹට ජන ඟගක්

දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව කොළඹ දක්වා පැමිණෙමින් සිටියි.

Local News
July 09, 2022
274 views 0 secs 0

පොලිස් ඇඳිරි නීතිය ඉවතට…

ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.

Local News
July 08, 2022
278 views 0 secs 0

නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇදිරිනීතිය පැනවීම බියගුළු ක්‍රියාවක් – මෛත්‍රීපාල සිරිසේන

නිදහස් සාමකාමී නිරායුධ අරගලය මැඩ පැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම ඇදිරි නීතිය පසෙක ලා හෙට (9) තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගලයට නොබියව එකතු වන ලෙස එතුමා වැඩිදුරටත් නිවේදනයේ සදහන් කර සිටියා. එම නිවේදනය පහතින්,

Local News
July 08, 2022
264 views 0 secs 0

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය..

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම ප්‍රදේශ පහතින්. මීගමුව කොට්ඨාසය කැළණිය කොට්ඨාසය නුගේගොඩ කොට්ඨාසය ගල්කිස්ස කොට්ඨාසය කොළඹ (උතුර) කොට්ඨාසය කොළඹ (දකුණ) කොට්ඨාසය කොළඹ (මධ්‍යම) කොට්ඨාසය

Local News
July 07, 2022
281 views 0 secs 0

රට පුරා අර්බුදයට එරෙහි විරෝධතා රැසක්

රටේ පවතින ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (07) පාපැදි පෙළපාලියකින් විරෝධතාවක නිරතවී තිබෙනවා. එම පාපැදි පෙළපාලිය නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් වූ අතර ඉන් අනතුරුව මහජන රැස්වීමක්ද සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.මේ අතර අද දිනයේ පවතින අර්බුදයට සහ ජනාධිපතිවරයාට […]

Local News
July 07, 2022
442 views 2 secs 0

මහ බැංකුව පොලි අනුපාතය ඉහළ දැමීමට තීරණය කරයි.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)14.50% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දමා තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට […]

Local News
July 07, 2022
263 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම කොළඹ 01 ප්‍රදේශයේ අඩුපීඩන ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. හෙට උදෑසන 6.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට […]

Local News
July 05, 2022
287 views 0 secs 0

ජනපති ඉල්ලා අස්විය යුතුයි – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය වහාම ඉල්ලා අස්විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.“මේ කනගාටුදායක තත්ත්වයෙන් මේ රට මුදා ගැනීමට තිබෙන ලොකුම බාධාව තමයි මේ රටේ බහුතර ජනතාවක් කෙසේ හෝ ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතබමින් තිබියදීත් රාජපක්ෂ පවුල දිගටම බලයේ සිටීම” එතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.මේ අතර, අද මාධ්‍ය වෙත […]

Local News
July 05, 2022
285 views 0 secs 0

ණය නොගෙවු වී ගොවීන්ගේ ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන මේ වනවිටත් ගෙවීමට අපහසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමට