Local News
July 25, 2022
282 views 0 secs 0

ඉදිරි මාස 12 තුළත් ඉන්ධන ආනයනය සීමා වෙයි – ඇමති කංචන විජේසේකර

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය තුළ ද ඉන්ධන ආනයනය සීමාවන බවවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(25) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. ඛනිජ තෙල් සංස්ථාව සෑම පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදාහැරීම සිදුකර නැතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, තොග ලැබුණත් එය ප්‍රායෝගික නොවන බව ද සඳහන් කරයි. එමෙන්ම විදුලි බල හා […]

Local News
July 25, 2022
293 views 0 secs 0

ගරු ජීවන්ත පියතුමා ඇතුළු ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින්, එරංග ගුණසේකර, ගරු ජීවන්ත පීරිස්පියතුමා ඇතුළු පිරිස සදහා විදෙස් ගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝගයක් නිකුත් කළේය. පසුගියදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති නීතිවිරෝධී රැස්වීමක ඔවුන් සාමාජිකයින් ලෙස කටයුතු කර පොදු දේපළවලට අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් උපුටා දක්වමින් මෙම නියෝගය […]

Local News
July 24, 2022
314 views 0 secs 0

හෙට සිට පාසල් යළි ඇරඹේ..

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම තීරණය කර ඇති අතර බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ. එසේ නොමැති නම් බදාදා සහ සිකුරාදා […]

Uncategorized
July 23, 2022
301 views 0 secs 0

ගාලු පාර සැහැල්ලු වාහන සඳහා විවෘත වෙයි..

තාවකාලිකව වසා දැමුණු ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන සඳහා යළි විවෘත කර ඇතැයි පොලීසිය පවසයි. ආරක්ෂක අංශ විසින් ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දින 100කට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවයේ නිරත මහජනතාව ඊයේ(22) එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග එම මාර්ගය තාවකාලිකව වසා දැමුණි.

Local News
July 23, 2022
329 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…

අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ 07,08,09 සහ 10 ප්‍රදේශවලට පැය 7ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල‍ය ප්‍රකාශ කර සිටියා.

Local News
July 22, 2022
735 views 0 secs 0

වජිර අබේවර්ධන මහතා පාර්ලිමන්තුවට…

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරිණ.

Local News
July 22, 2022
312 views 0 secs 0

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අරඹයි….

අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරුන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ වී තිබේ. මෙම දිවුරුම්දීම සිදු වන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.