මාරු වුනු ඇමති පුටු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විශය පතයන් සංශෝධනය කොට තිබේ. ඒ අනුව නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) දිවුරුම් දුන්නේය. ඒ අනුවඅධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමතිනිය ලෙසත්,ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය […]
කොවිඩ් පාලනයට පියවර කිහිපයක්…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස 2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත. අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ […]
ස්පුට්නික් මාත්‍රා තොගයක් දිවයිනට…
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.
බිත්තියේ සටහන් තැබුවේ ඉශාලිනී ද….?
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අදාළ දැරිය රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් ලියා ඇති අතර එහි සිංහල අර්ථය […]
දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට හිශාලීනීගෙ සිරුර ගොඩ ගනී..
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර, නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩ ගෙන තිබේ. මෙම පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට […]
ජනප්‍රිය නිළි උපේක්ශා අත්අඩංගුවට….
ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 18 හැවිරිදි පුද්ගලයෙකු තුවාල සහිතව පේරාදෙනිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් උපේක්ෂා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
