ඉන්දුනීසියාවේ කොවිඩ් තත්වය බරපතල වෙයි…
කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භවීමෙන් පසු ජුනි මාසය දක්වා ගත වූ කාලය තුළ ඉන්දුනිසියාවේ වෛද්‍යවරුන් 545 දෙනෙකු මියගොස් ඇති අතර ජුලි මාසයේ ගත වූ දින 17ක කාලය තුළ පමණක් වෛද්‍යවරුන් 114 දෙනෙකු මියගොස්, එම මරණ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඉන්දුනිසියාවට දැඩි බලපෑම් එල්ල […]
ඇමරිකාවෙන් ආ එන්නත් තොගය…..
අමෙරිකාවේ නිෂ්පාදනයක් වන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (16) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් ” පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. ඒ අනුව මොඩර්නා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව මෙය වෙයි.
පිළියන්දල කොවිඩ් පොකුරක්….
පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමට අයත් කරදියානවත්ත ගම්මානයට පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඉන් 71දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
අද සිට ෆයිසර් එන්නත් ලබා දීම ඇරඹේ….
අද සිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියමිත අත්‍ර එන්නත ලබාදෙන දිනය, වේලාව හා ස්ථානය කෙටි […]
තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ…
අද (05) උදෑසන 6 සිට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
