31 පසු අන්තර් පළාත් සංචරණ සීමා අවසන්…
අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. […]
ශ්‍රී ලංකා මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කරයි
ශ්‍රී ලංකා මහජන බැංකුව ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ සදහන් කර ඇත. ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් […]
ජය ඔස්ට්‍රේලියාවට..
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 155 පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකියාව ලැබුණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු […]
“එක රටක් එක නීතියක් “කාර්ය සාධක බලකායේ සභාපති තනතුර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට…
පූජ්‍ය ඥාණසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්කර ඇත.එහි ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම් ජීවන්ති සේනානායක මැතිතුමියයි. ගැසට් නිවේදනය පහතින්,
දීර්ඝ සති අන්තයේ ඒකරාශීවීම් වලින් වළකින ලෙස පොලිසිය දැනුම් දෙයි…
දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවය. ඒ සඳහා මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇති බවද එතුමා සඳහන් කලා.මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි […]
ඉහල යන ගෑස් මිල….
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක්. එසේම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක්. කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් […]
සජිත්ගෙන් පැන්ඩෝරා පත්‍රිකා ගැන නිවේදනයක්….
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවත්, නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. නිවේදනය පහතින්.
