Local News
June 20, 2025
110 views 0 secs 0

කල් ඉකුත් භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළඳසැල් තුනකට ලක්ෂ 6ක දඩ…

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙම වෙළඳසැල්වල කල් ඉකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි. අදාළ වෙළඳසැල්වල නියෝජිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ශාඛාවකට රුපියල් ලක්ෂ 2 […]

Local News
June 20, 2025
91 views 0 secs 0

හැටන් – මහනුවර මාර්ගයේ වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ…..

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී ඊයේ (19) දින මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් පවත්වානු ලැබූ හදිසි වාහන පරීක්ෂාවේදී වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ. මෙම පරීක්ෂාවට ලක්වූ වාහන 115ක් අතරින්, වායු විමෝචනය අධිකව පැවති වාහන සහ තාක්ෂණික අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු වාහන මෙම ක්‍රියාවලියෙන් ඉවත් කර ඇත. ධාවනයෙන් ඉවත් කළ වාහනවලට වාර්ෂික ආදායම් […]

Local News
June 20, 2025
115 views 0 secs 0

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට…

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර, එහි නගරාධිපති ලෙස හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා තේරී පත්වී ඇත. අද (20) පැවති මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, නගරාධිපති තෝරා ගැනීම සඳහා පවත්වන ඡන්දය රහස්වක් ලෙසද, විවෘතවක් ලෙසද පැවැත්වීමට ඡන්ද විමසීමක් සිදු කරන ලදී. එහිදී 19 දෙනෙකු රහස් ඡන්දයට සහය […]

Local News
June 20, 2025
92 views 0 secs 0

බලංගොඩ ප‍්‍රාදේශීය සභාපති ධුරය සඳහා නව පත්වීමක්….

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙයට අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව පත්වීමක් සිදු කර තිබේ. බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස තෝරා පත්කර ඇත. මෙම පත්වීම පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් […]

Local News
June 20, 2025
101 views 0 secs 0

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

කොළඹ – ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, එම ඉල්ලා අස්වීම 2025 ජුනි 20 වැනිදා සිට බලපැවැත්වේ. ආචාර්ය සූරියප්පෙරුම මහතා වත්මන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ අතර, ඔහු මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර […]

Local News
June 20, 2025
96 views 0 secs 0

වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානියට විද්‍යාත්මක විසඳුම් සෙවීම සඳහා කමිටුවක්…

රජය විසින් වන සතුන්ගෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ලෙස කළමනාකරණය කරනු පිණිස විශේෂ කමිටුවක් පත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙහි අරමුණ වන්නේ කෙටි, මධ්‍යම සහ දිගු කාලීන තිරසාර විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම බවය. මෙම කමිටුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එය රජයේ නිලධාරීන් සහ […]

Local News
June 20, 2025
97 views 2 secs 0

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති මන්දිරයට අධ්‍යාපන චාරිකාවක්…

අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් අනුව අද (20) පස්වරුවේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණියහ. මෙම චාරිකාවට එක්වූ සිසුන් ‘Vision’ වැඩසටහනටද සහභාගී විය. එය ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනක් වන අතර, සිසුන්ගේ නීතිමය හා පරිපාලන දැනුම වර්ධනය කිරීම එහි අරමුණ වේ. […]

Local News
June 20, 2025
94 views 4 secs 0

නාගොඩ ශික්ෂණ රෝහලට නව CT Scan යන්ත්‍රයක් සහ සංවර්ධන ව්‍යාපෘති රැසක්….

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවා තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් අති නවීන CT Scan යන්ත්‍රයක් සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද (20) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවාවට එක් කරන ලදී. මෙම CT Scan යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 200ක් වියදම් කර ඇති අතර, පසුගිය වසර දෙකක කාලයක පුරාවට වරින් වර […]

Local News
June 20, 2025
97 views 0 secs 0

ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් – ජනපති…

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ඇද දීම සඳහා නව මාර්ගෝපදේශයක් සකස් කරමින් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනයක් ලබා ගැනීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය. මෙය අද (20) […]

Local News
June 20, 2025
88 views 3 secs 0

රිජ්වේ ආර්යා ළමා රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක්…

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ඊයේ (19) සිට ප්‍රතිකාර කටයුතු සඳහා ක්‍රියාත්මක කෙරිණි. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. රුපියල් මිලියන 154ක වියදමින් සවිකර ඇති මෙම නවීන Gamma Camera උපකරණය සදහා අරමුදල් ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි. […]