Local News
June 11, 2025
174 views 0 secs 0

මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනට විශේෂ බස් රථ සේවාවක්…

මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙය ක්‍රියාත්මක කර ඇත්තේ මහනුවර අධිකරණ සංකීර්ණයට ආසන්නව පිහිටි දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට සිදු වීමෙන් පසුය. දුම්රිය මාර්ගයේ ගිලා බැසීමට ලක්වූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික […]

Local News
June 11, 2025
154 views 0 secs 0

පේරාදෙණිය මහනුවර අතර දුම්රිය සේවාව තාවකාලිකව නවතී…

පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මහනුවර අධිකරණ සංකීර්ණයට ආසන්නව පිහිටි දුම්රිය මාර්ගය ගිලා බැසීමක් සිදුවීම මේ සඳහා හේතුව වී ඇතැයි දුම්රිය බලධාරීන් පවසති. මෙම තත්ත්වය මත පීඩාවට පත් යාත්‍රාකරුවන්ට අවාසියක් නොවන ලෙස මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර […]

Local News
June 10, 2025
149 views 0 secs 0

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකාව දිවයිනට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ජූනි 15 සහ 16 යන දෙදින අතර ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2005 වසරෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු මෙරටට පැමිණෙමින් සිටීමත් සමඟ මෙම සංචාරය විශේෂත්වයකින් යුක්ත බවද මහ […]

Local News
June 10, 2025
163 views 0 secs 0

ගම්පහ දිස්ත්‍රික්කයට පැය 10ක ජල කප්පාදුවක්..

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. එම මට්ටමින් ජල සැපයුම අත්හිටුවනුයේ උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා කාලසීමාව තුළය. මෙම ජල කප්පාදුවෙන් පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශයන්ට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ […]

Local News
June 10, 2025
142 views 0 secs 0

ජනපතිගේ පොසොන් දින පණිවිඩය..

ශ්‍රී ලාංකීය ජනතාවට සුවිශේෂී ආගමික හා ඉතිහාසමය සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස පොසොන් පොහොය සැලකිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. පොසොන් පොහොය දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, මෙම දිනයෙන් උරුම වූ විශිෂ්ට වටිනාකමක් වන්නේ අවිහිංසාව යන්න බවයි. තමන්ගේද අනෙකාගේද ජීවන නිදහස සහ අයිතිය ආරක්ෂා වන සනාතන වටිනාකමක් […]

Local News
June 10, 2025
195 views 0 secs 0

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි..

මෙරට බුදු ශාසනය පිහිටුවීම සිහිපත් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (10) යෙදී ඇත. මෙම දිනට අයත් විශිෂ්ට සිදුවීමක් ලෙස, මිහිදු මහ රහතන් වහන්සේ ධර්ම දූත පිරිසක් සමඟින් ලංකාවට පැමිණීම සිදුවී ඇත. එයත් සමඟින් ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත විය. අනුරාධපුර මිහින්තලා පර්වතයට පැමිණි මිහිදු මහ රහතන් වහන්සේ, එවකට රාජධානිය පාලනය කළ දෙවන පෑතිස් […]

Local News
June 07, 2025
185 views 1 sec 0

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය 2026 මාර්තු වනවිට ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඊයේ (2025 ජුනි 06) විශේෂ නිරීක්ෂණයකට එක්වුණා. මෙම නිරීක්ෂණයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් K. W. කන්ඩම්බි මහතා, චීනයේ CCECC සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරය […]

Local News
June 07, 2025
155 views 5 secs 0

අග්‍රාමාත්‍යවරියගෙන් හජ් ශුභාශිංසන පණිවුඩය..

ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද,  සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති.  එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ,  ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර  හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි […]

Local News
June 07, 2025
153 views 1 sec 0

ජනපතිගේ හජ් සුභ පැතුම්…

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි. ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය […]

Local News
June 07, 2025
161 views 1 sec 0

ජාතික පොසොන් සතිය අද සිට ආරම්භ වෙයි

අතිවිශිෂ්ට වූ බෞද්ධ සාස්ත්‍රානුකූල සිදුවීමක් වන පොසොන් පෝය දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික පොසොන් සතිය අද (07) සිට ආරම්භ වේ. එය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන විශේෂ පූජනීය භූමිකාවක් ගන්නා සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික පොසොන් උත්සවය සඳහා දිවයින පුරා සිට පිරිසක් පැමිණෙමින් සිටින […]