Local News
June 26, 2025
150 views 0 secs 0

ලුණු මිල පහතට – උපරිම සිල්ලර මිලට නිකුත් කිරීම ආරම්භය…..

වෙළෙඳපොළේ ලුණු මිල පහත දැමීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන් යටතේ ලුණු නිකුත් කිරීම වහාම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය පදනම් කරගෙන මෙම පියවර ගෙන ඇති අතර, රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අවශ්‍ය තරම් ලුණු තොග මෙරටට ලැබී ඇතැයි […]

Local News
June 26, 2025
143 views 0 secs 0

කීරි සම්බා ආනයනයට නිර්දේශ – මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට කමිටු තීරණයක්

මෙරට වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව නොමැති බව ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් සඳහන් කිරීම පදනම් කරගෙන, කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, මෙට්‍රික් ටොන් 5,000ක් රාජ්‍ය ආයතන මඟින්ද, අනෙක් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය කර […]

Local News
June 26, 2025
163 views 0 secs 0

යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් කපිල දොළගේ පත් කරයි

අද (26) සිට බලපැවැත්වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ. එම මහතා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානියා වේ.

Local News
June 24, 2025
150 views 0 secs 0

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජූලි 04 න් ආරම්භ කිරීමට නියමිතයි

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 04 වන දා අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව අද […]

Local News
June 24, 2025
157 views 0 secs 0

පොළොන්නරුවේ උණුදිය උල්පත් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත. අදාළ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම, සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අඩුව නිසා, එහි සංචාරය […]

Local News
June 24, 2025
153 views 3 secs 0

“World Economic Forum 2025” සමුළුවට ශ්‍රී ලංකා අමාත්‍යවරයාගේ සහභාගී වීම

චීනයේ පැවැත්වෙන “World Economic Forum 2025” සමුළුවට ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහභාගී විය. සමුළුවේදී, නව රජයේ රාජ්‍ය – පුද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතිය, දූෂණය මකා දැමීම සඳහා ක්‍රියාත්මක වන රජයේ උත්සාහයන් සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, වර්තමානයේ ව්‍යාපාරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් ආර්ථික පසුබිමක් ගොඩනැගී […]

Local News
June 24, 2025
150 views 0 secs 0

බොරැල්ලේ වෙඩි තැබීමක් – ඉලක්කය වූ පුද්ගලයා පලා යයි..

අද (24) පස්වරු 5.45ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් වාර්තා වලින් සඳහන් වේ. වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලා ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව මේ වන විට තොරතුරු නොමැත. වෙඩි තැබීමට සැකපත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් […]

Local News
June 24, 2025
143 views 0 secs 0

සභාපතිවරුන් නියම කිරීමට කාරක සභා අනුමැතිය

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් ලෙස පත්කිරීම සඳහා පත්කල නිලධාරීන්ට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම අනුමැතිය ලැබුණුේ පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් රැස් වූ කාරක සභා රැස්වීමේදීය. මේ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපති ලෙස සෝමසිරි ඒකනායක මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ලෙස බී. ඒ. […]

Local News
June 24, 2025
120 views 3 secs 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ වොල්කර් ටර්ක් මහතා අතර සාකච්ඡාවක්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය, මහ කොමසාරිස්වරයා පිළිගනිමින්, ඔහුගේ කාර්යාලය සමඟ ඵලදායී සහයෝගිතාවක් ඇති කිරීම පිළිබඳ රජයේ කැපවීම අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන පරිවර්තනය, ඓතිහාසික ජනවරම සහ පවතින දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳවද ඇය පැහැදිලි කළාය. […]

Local News
June 24, 2025
130 views 0 secs 0

මානව හිමිකම් කොමසාරිස්වරයා හා විජිත හේරත් අමාත්‍යතුමා අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම හමුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ හා ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා නැවත […]