Local News
August 05, 2025
106 views 0 secs 0

වෙළුසුමන විද්‍යාල සිසුන් ‘Vision’ වැඩසටහනට එක්වෙති….

සීප්පුකුලම, තම්මැන්නාව වෙළුසුමන මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට අද (05) දිනයේ ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව මෙය ක්‍රියාත්මක කරයි. මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා විසින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව දේශනයක් […]

Local News
July 16, 2025
125 views 1 sec 0

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි. මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන […]

Local News
July 16, 2025
116 views 0 secs 0

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත. 1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය. 1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය. ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් […]

Local News
July 16, 2025
122 views 1 sec 0

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය. […]

Local News
July 15, 2025
135 views 1 sec 0

“වනස්පති” යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ….

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (15) දින උදෑසන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී […]

Local News
July 15, 2025
132 views 0 secs 0

2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක්…

2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය විසින් අද (15) දිනය පුරාවට දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි. 2014 වර්ෂයේ ලෝක තරුණ නිපුණතා දිනය සම්බන්ධයෙන් යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ද ශ්‍රී ලංකාව විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස […]

Local News
July 15, 2025
120 views 0 secs 0

මුහුදු රළ සහ තද සුළං පිළිබඳ අවවාදයක් නිකුත් කරයි

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිකුත් කර ඇත. මෙම අවවාදය පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදී යන වෙරළබඩ මුහුදු ප්‍රදේශවලට අදාල වේ. මෙම ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50–60 දක්වා වැඩිවිය හැකි අතර, මුහුද රළු හෝ ඉතා රළු වන බවද දැක්වෙයි. මුහුදු රළ උස මීටර් […]

Local News
July 15, 2025
110 views 0 secs 0

ජනාධිපතිවරයා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානී අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී සෞදි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වත්මන් ව්‍යාපෘතිවල ප්‍රගතිය, නව ව්‍යාපෘති අවස්ථා සහ ඩිජිටල්කරණය මත අවධානය යොමු කරන ආකාරය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු විය. සෞදි සංවර්ධන අරමුදලේ ආධාර ජනතා අවශ්‍යතා අනුව යොදා ගැනීමටත්, […]

Local News
July 15, 2025
129 views 0 secs 0

රු. 3,000ක අල්ලස් මුදලක් ගැනූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රද්දොළුගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිලධාරියා, රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය නීතිමය ක්‍රියාවලියට අනුව නොව, රු. 3,000ක අල්ලස් මුදලක් ලබාගෙන ආපසු ලබා දී ඇති බව පැමිණිලිකරුගේ ප‍්‍රකාශයකින් අනාවරණය විය. සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Local News
July 15, 2025
121 views 0 secs 0

වෙඩි තුවාලින් පීඩා විඳි භාතිය අවසන් සුසුම් හෙලයි….

දින ගණනාවක් පුරා අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ නිරීක්ෂණය සහ උපදෙස් මත විශේෂඥ කණ්ඩායමක් විසින් මහත් වෙහෙසකින් ප්‍රතිකාර සිදු කළද, හස්තියාගේ මාංශ පේෂි දියවී රුධිර සංසරණය බාධා වීමෙන් එය අසාර්ථක විය. අවුරුදු 30–35 අතර වියේ පසුවූ, […]