මාරක රිය අනතුරු තුනකින් තිදෙනෙකු ජීවිතක්ෂයට…
ඊයේ දිනයේදී රටේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 75 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇත. හික්කඩුව ප්‍රදේශයේ ගාල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකට ලොරි රථයක් ගැටීමෙන් 23 හැවිරිදි අඟුරුවාතොට පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. […]
