Local News
August 19, 2025
69 views 0 secs 0

සංචාරකයින් මිලියන 1.5 ක් පසුකරමින් ශ්‍රී ලංකාව ආසියේ ප්‍රබල ගමනාන්තයක් වෙත…..

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මිලියන 1.5 සීමාව පසුකර ඇත. පසුගිය වසරට සාපේක්ෂව මෙය සැලකිය යුතු ඉහළ ප්‍රතිඵලයකි. අගොස්තු මාසයේ දින 17ක් තුළ විදෙස් සංචාරකයින් 129,226 දෙනෙක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ එකම කාලයට වඩා 20,000ක වැඩි වීමක් ලෙස සටහන් වී ඇත. මෙම වසරේ බොහෝ මාසවල විදේශික පැමිණීම් […]

Local News
August 19, 2025
78 views 0 secs 0

හිටපු ලොතරැයි අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතා අද අළුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය ඔහුගේ වාහනයට පහරදීම හා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු අතුරුවයි. ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත තුසිත හල්ඔලුව මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් […]

Local News
August 05, 2025
88 views 4 secs 0

තරුණයින් බස්නාහිර පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ….

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance) වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (05) බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යුසූෆ් මහතාගේ සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය […]

Local News
August 05, 2025
86 views 0 secs 0

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට පළිගැනීමක් නැහැ – අමාත්‍ය නලින්ද ජයතිස්ස

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පළිගැනීමක් සිදු නොවූ බවත්, මෙම යෝජනාව අලුත් දෙයක් නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. මෙම යෝජනාව පිළිබඳව පක්ෂයක් ලෙස වසර 25කට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව කතා කළ බවත්, විපක්ෂයේ සිටියදී මේ පිළිබඳව ඉදිරිපත් කළ […]

Local News
August 05, 2025
84 views 0 secs 0

සංචාරක වීසා මත ව්‍යාපාරික කටයුතු කළ විදේශිකයින්ට නීතිමය පියවර – අමාත්‍ය නලින්ද ජයතිස්ස

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බවත්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන විදේශිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය ‍ආරුගම්බේ, වැලිගම සහ උණවටුන ප්‍රදේශවලදී […]

Local News
August 05, 2025
84 views 0 secs 0

ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය….

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව ඇත. මෙම පනත මඟින් සියලු ආකාරයේ ළමා අපයෝජන වැළැක්වීම, එවැනි අපයෝජනවලට ගොදුරු වන ළමයින් ආරක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යභාරය සපුරාලීමට 1998 […]

Local News
August 05, 2025
84 views 0 secs 0

වෙළුසුමන විද්‍යාල සිසුන් ‘Vision’ වැඩසටහනට එක්වෙති….

සීප්පුකුලම, තම්මැන්නාව වෙළුසුමන මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට අද (05) දිනයේ ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව මෙය ක්‍රියාත්මක කරයි. මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා විසින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව දේශනයක් […]

Local News
July 16, 2025
106 views 1 sec 0

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි. මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන […]

Local News
July 16, 2025
91 views 0 secs 0

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත. 1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය. 1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය. ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් […]

Local News
July 16, 2025
96 views 1 sec 0

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය. […]