Local News, Politics
September 13, 2021
512 views 0 secs 0

ජනතා අධිකරණය තුළ ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත – සජිත් ප්‍රේමදාස

කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන මෙම කාල වකවානුව තුළ වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවත්, ඊට හේතුව මෙරට නායකත්වයේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා. ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට […]

Local News
September 13, 2021
505 views 0 secs 0

ස්ටාලින්ගේ තීරණය වෙනසක් සිදුවෙයිද..?

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇති අතර ගුරු විදුහල්පති ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. එසේ නමුත් දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ […]

Local News
September 13, 2021
286 views 0 secs 0

කබ්රාල් ඉල්ලා අස්වීමට නියමිතයි…

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතයි.

Local News
September 12, 2021
529 views 0 secs 0

සන්තුෂ් හා උමාරියාටත් කොවිඩ් වැළඳෙයි…

බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට හා ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්ත වේ. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

Local News
September 12, 2021
288 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,641කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,921ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,296 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Local News
September 12, 2021
570 views 0 secs 0

විදුලි බිලට සහනයක්…

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් ප්‍රමාද වුව ද විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.බිල්පත් ගෙවීමට හැකියාව සහිත පිරිස් පවා ගෙවීම් සිදු නොකරන බවත්, එවන් අය ප්‍රමාදයකින් තොරව බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

Local News
September 12, 2021
517 views 0 secs 0

කොවිඩ් ආසාදිතව 5 හැවිරිදි දරුවෙක් මියයයි…

රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවාගේ අවසන් කටයුතු ඊයේ (11) රාත්‍රීයේ රත්නපුර ආදාහනාගාරයේදී සිදුකරනු ලැබුවේ ය.

Local News
September 12, 2021
289 views 0 secs 0

හම්බන්තොට ගිණිකොණ මුහුදේ සුළු භූ චලනයක් ..

හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ මැග්නිටියුඩ් ඒකක 4.1 භූ චලනයක් සිදුව ථිබෙන අතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කළේ ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි .

Local News
September 12, 2021
274 views 0 secs 0

සීමාවලට යටත්ව විදේශීය සංචාරකයින්ට පමණක් ලැබෙන මත්පැන්…

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පමණක් මෙම ක්‍රමවේදය බලපැවැත්වෙන බවයි ඔහු […]