Local News
September 12, 2021
462 views 0 secs 0

සන්තුෂ් හා උමාරියාටත් කොවිඩ් වැළඳෙයි…

බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට හා ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්ත වේ. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

Local News
September 12, 2021
218 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,641කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,921ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,296 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Local News
September 12, 2021
496 views 0 secs 0

විදුලි බිලට සහනයක්…

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් ප්‍රමාද වුව ද විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.බිල්පත් ගෙවීමට හැකියාව සහිත පිරිස් පවා ගෙවීම් සිදු නොකරන බවත්, එවන් අය ප්‍රමාදයකින් තොරව බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

Local News
September 12, 2021
447 views 0 secs 0

කොවිඩ් ආසාදිතව 5 හැවිරිදි දරුවෙක් මියයයි…

රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවාගේ අවසන් කටයුතු ඊයේ (11) රාත්‍රීයේ රත්නපුර ආදාහනාගාරයේදී සිදුකරනු ලැබුවේ ය.

Local News
September 12, 2021
226 views 0 secs 0

හම්බන්තොට ගිණිකොණ මුහුදේ සුළු භූ චලනයක් ..

හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ මැග්නිටියුඩ් ඒකක 4.1 භූ චලනයක් සිදුව ථිබෙන අතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කළේ ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි .

Local News
September 12, 2021
213 views 0 secs 0

සීමාවලට යටත්ව විදේශීය සංචාරකයින්ට පමණක් ලැබෙන මත්පැන්…

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පමණක් මෙම ක්‍රමවේදය බලපැවැත්වෙන බවයි ඔහු […]

Local News
September 12, 2021
234 views 0 secs 0

අදියර කිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම්…

පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

Local News
September 12, 2021
222 views 0 secs 0

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ගැන තීරණයක්…

ලබන සතිය තුළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Local News
September 12, 2021
296 views 0 secs 0

යාපනයේ විශ්වවිද්‍යාල තරුණියක් ගෙල වැලලාගෙන මියයයි…

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදිතරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි. යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක එම තරුණිය ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Local News
September 11, 2021
250 views 0 secs 0

කොවිඩ් මරණ 11,000 ඉක්මවයි…

ඊයේ (10) දිනට කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.