Local News
September 14, 2021
319 views 0 secs 0

සඳුදායින් පසු රට විවෘත වෙයිද…?

ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගනු ඇතැයි, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, වාර්තාවන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් සති 4ක කාලයක් රට වසා තැබීම ප්‍රමාණවත් බවත් ය. කෙසේ වුවද එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය […]

Local News
September 14, 2021
458 views 0 secs 0

සුසන්තිකාටත් කොවිඩ්…

ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇය තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටී.

Local News
September 14, 2021
331 views 0 secs 0

ගෑස් මිල තව ඉහල යයිද..?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඊට හේතුව ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම බවයි ඔවුන් ප්‍රකාශ කළේ.කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
September 13, 2021
343 views 0 secs 0

නව බැංකු අධිපති 15වනදා සිට වැඩ භාරගනී..

2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

Local News
September 13, 2021
389 views 0 secs 0

කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි..

කොවිඩ් වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි, කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අද (13) සවස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

Local News
September 13, 2021
486 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

ඊයේ (12) දිනට තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මේ වන විට මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම අද දිනයේ ආසාදිතයින් ගණන 2,560ක් හඳුනා ගැනීමත් සම්ඟ මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 488,482ක් දක්වා ඉහළගොස් තිබේ. අද දිනය තුළ ආසාදිතව සිටි 1,483ක් සුවය ලැබීමත් සමග […]

Local News
September 13, 2021
518 views 0 secs 0

බිත්තියක් හේතුවෙන් සිදු වූ ඝාතනය…

බලංගොඩ වෙලේකුඹුර මැදකන්ද වත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.ලැයිම් කාමර පේළියක නිවසක බිත්තියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කල.. ආදළ පුද්ගලයා ඒ පිළිබඳ විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Local News
September 13, 2021
571 views 0 secs 0

ධූරයෙන් පහකළ සභාපති…

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් පහකර තිබේ. නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Local News
September 13, 2021
335 views 0 secs 0

කබ්රාල්ගේ අඩුව පුරවන්න කැටගොඩ එයි……

මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා තමන් අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළ අතර එට්තුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ. මේ අතර මන්ත්‍රී කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත්කිරීමට පොදුජන […]

Local News
September 13, 2021
512 views 0 secs 0

දින 6ක බිළිඳෙක් කොවිඩ් හේතුවෙන් මරුට..

බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි ඉකුත් 5වැනිදා උපත ලැබූ දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා වේ. බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගැනීමත් සමඟ බිළිඳාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.