කොවිඩ් වාර්තාව…
ඊයේ (12) දිනට තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මේ වන විට මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම අද දිනයේ ආසාදිතයින් ගණන 2,560ක් හඳුනා ගැනීමත් සම්ඟ මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 488,482ක් දක්වා ඉහළගොස් තිබේ. අද දිනය තුළ ආසාදිතව සිටි 1,483ක් සුවය ලැබීමත් සමග […]
බිත්තියක් හේතුවෙන් සිදු වූ ඝාතනය…
බලංගොඩ වෙලේකුඹුර මැදකන්ද වත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.ලැයිම් කාමර පේළියක නිවසක බිත්තියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කල.. ආදළ පුද්ගලයා ඒ පිළිබඳ විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ධූරයෙන් පහකළ සභාපති…
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් පහකර තිබේ. නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
කබ්රාල්ගේ අඩුව පුරවන්න කැටගොඩ එයි……
මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා තමන් අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළ අතර එට්තුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ. මේ අතර මන්ත්‍රී කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත්කිරීමට පොදුජන […]
දින 6ක බිළිඳෙක් කොවිඩ් හේතුවෙන් මරුට..
බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි ඉකුත් 5වැනිදා උපත ලැබූ දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා වේ. බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගැනීමත් සමඟ බිළිඳාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.
ජනතා අධිකරණය තුළ ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත – සජිත් ප්‍රේමදාස
කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන මෙම කාල වකවානුව තුළ වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවත්, ඊට හේතුව මෙරට නායකත්වයේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා. ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට […]
ස්ටාලින්ගේ තීරණය වෙනසක් සිදුවෙයිද..?
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇති අතර ගුරු විදුහල්පති ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. එසේ නමුත් දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ […]
