හිටපු ජනපතිගෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක්….
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.. බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවයි හිටපු ජනාධිපතිනිය සිය […]
කොවිඩ් වාර්තාව…
තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (09) දින සිදු වු බවට තහවුරු කළ මෙම මරණ 131ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832ක් වන අතර මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ. තවද […]
ජ.වි.පෙන් රෝහල්වලට පරිත්‍යාගයක්…
ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ. එම උපකරණ ඉදිරි දිනවලදී කොළඹ ජාතික රෝහල, IDH රෝහල, කරාපිටිය රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, නාගොඩ මහ රෝහල ඇතුළ රෝහල් වෙත ලබා දීමට නියමිත බව මේ පිළිබඳව […]
කෑගල්ල ශික්ෂණ රෝහලට “විපක්ෂයෙන් හුස්මක්”….
අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී “විපක්ෂයෙන් හුස්මක්” 25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ පර්ත්‍යාග කරනු ළබිණි. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක තුමා ප්‍රකාශ කළේ ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බවත්, ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව ලබාදෙන බවත්ය. මේ ජනතාවාදී […]
