Local News
September 12, 2021
296 views 0 secs 0

අදියර කිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම්…

පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

Local News
September 12, 2021
277 views 0 secs 0

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ගැන තීරණයක්…

ලබන සතිය තුළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Local News
September 12, 2021
358 views 0 secs 0

යාපනයේ විශ්වවිද්‍යාල තරුණියක් ගෙල වැලලාගෙන මියයයි…

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදිතරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි. යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක එම තරුණිය ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Local News
September 11, 2021
300 views 0 secs 0

කොවිඩ් මරණ 11,000 ඉක්මවයි…

ඊයේ (10) දිනට කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Local News
September 11, 2021
292 views 0 secs 0

කබ්රාල් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට සැරසෙයි…

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ. ඒ අනුව, ලබන සතියේ දී ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Local News, Politics
September 11, 2021
305 views 0 secs 0

හිටපු ජනපතිගෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක්….

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.. බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවයි හිටපු ජනාධිපතිනිය සිය […]

Local News
September 10, 2021
274 views 1 sec 0

අග්‍රාමාත්‍යතුමා ඉතාලියට ළඟා වෙයි….

G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා මෙරට අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ බොලොඤ්ඤා නුවරට ළඟා වූ බව වාර්තා වේ. අනිද්දා (12) G20 අන්තර් ආගමික සමුළුව ආරම්භ වීමට නියමිත අතර එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශණය පවත්වීමට ලැබුණු ආරාධනාවක් මත එතුමා මෙම සංචාරයට එක්ව සිටී..

Local News
September 10, 2021
261 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (09) දින සිදු වු බවට තහවුරු කළ මෙම මරණ 131ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832ක් වන අතර මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ. තවද […]

Local News
September 10, 2021
314 views 0 secs 0

ඇඳිරි නීතිය 21 දක්වා…

දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.