Local News
September 25, 2021
380 views 0 secs 0

නිරෝධායන නීති කඩ කළ 77,500ට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට…

ඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් වනවා.

Local News
September 25, 2021
349 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

ඊයේ (23) දිනට තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 82ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,332ක් සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 511,372ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද […]

Local News
September 24, 2021
378 views 0 secs 0

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ…

මේ වනවිට 2020 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

Local News
September 23, 2021
373 views 0 secs 0

කබ්රාල්ගේ අධිපතිකම බලරහිත කරන ලෙස ඉල්ලීමක්…

සමගි ජන බලවේග මහ ලේකම්වරයා විසින් සහ මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර තිබෙනවා.

Local News
September 23, 2021
348 views 0 secs 0

වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි…

කොවිඩ් -19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද සේවය කළේය.

Local News
September 22, 2021
404 views 0 secs 0

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක ධූරයෙන් අස්වෙයි…

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක, තුෂාන් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවයි.

Local News
September 22, 2021
355 views 0 secs 0

පාරිභෝගික සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය සඳහා අද දිනයේ පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන දින රැස්වීමට නියමිතයි.

Local News
September 22, 2021
379 views 0 secs 0

මහ බැංකුවේ මුදල් මණ්ඩයේ නව ලේකම්….

සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල කටයුතු කරමින් සිටියා.

Local News
September 20, 2021
357 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

ඊයේ (19) දිනට කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,509කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 506,000ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය […]

Local News
September 20, 2021
388 views 0 secs 0

වැලිකඩ සිරකරුවන් පිරිසක් උපවාසයක…

සිය දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබෙනවා.