Local News, Tech
September 27, 2021
340 views 4 secs 0

සියයට සියයක් ලාංකික ‘NERO’ එළිදක්වයි….

Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන හෙවත් නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චරිතය පාදක කර ගනිමින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. ඉදිරි අවුරුදු 3ක කාලය තුළ නීරෝ පරිගණක ක්‍රීඩාව […]

Local News
September 27, 2021
280 views 0 secs 0

රට තුළ ඉන්ධන හිඟයක් නෑ- සුමිත් විජේසිංහ….

ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව […]

Local News
September 27, 2021
286 views 0 secs 0

තවත් ෆයිසර් තොගයක් දිවයිනට….

අද අලුයම 2.10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.

Local News
September 27, 2021
265 views 0 secs 0

ශවේන්ද්‍ර සිල්වාට ජනපතිගෙන් උපදෙස්…

ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 01 දා සිට නැවත රට විවෘත කිරීම සැලසුම් කරන ලෙස උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සෑම අංශයක්ම තමන්ගේම සැලසුම් සකස් කිරීමේ නිරතව සිටින බව ඔහු සඳහන් කළේය. මේ අතර රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම සඳහා වන ක්‍රියා පටිපාටි පිළිබඳ සාකච්ඡා අද (27) සිදු කරන බව […]

Local News
September 27, 2021
271 views 0 secs 0

අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල තීරණය අද…

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී අවධානය යොමු කර තිබුණා. කෙසේ නමුත් අද (27) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

Local News
September 26, 2021
261 views 0 secs 0

සංකූලතා සහිත දරුවන්ට එන්නත් ලබාදීම හෙට සිට…..

හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුළදී සංකූලතා සහිත වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් සඳහන් කළේ. මේ අතර දිවයිනේ සෙසු පළාත්වලටත් කඩිනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙන […]

Local News
September 25, 2021
268 views 0 secs 0

නිරෝධායන නීති කඩ කළ 77,500ට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට…

ඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් වනවා.

Local News
September 25, 2021
246 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

ඊයේ (23) දිනට තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 82ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,332ක් සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 511,372ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද […]

Local News
September 24, 2021
269 views 0 secs 0

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ…

මේ වනවිට 2020 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

Local News
September 23, 2021
260 views 0 secs 0

කබ්රාල්ගේ අධිපතිකම බලරහිත කරන ලෙස ඉල්ලීමක්…

සමගි ජන බලවේග මහ ලේකම්වරයා විසින් සහ මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර තිබෙනවා.