Local News
September 30, 2021
414 views 0 secs 0

හෙට සිට RMV විවෘතයි…

හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තබත්, අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Local News
September 30, 2021
329 views 0 secs 0

අන්තර් පළාත් සංචරණ සීමා පැවැත්වුවොත් යහපත් ප්‍රතිපල ලැබෙයි- පද්මා ගුණරත්න

රට විවෘත කළද අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළ හොත් කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් ආදී කටයුතු වල නිරත වුවහොත්, කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.

Local News
September 29, 2021
322 views 0 secs 0

අවසන් වන ඇඳිරි නීතිය….

ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4.00ට දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

Local News
September 28, 2021
341 views 1 sec 0

කාළගුණ වාර්තාව….

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. ඌව සහ […]

Local News, Tech
September 27, 2021
399 views 4 secs 0

සියයට සියයක් ලාංකික ‘NERO’ එළිදක්වයි….

Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන හෙවත් නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චරිතය පාදක කර ගනිමින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. ඉදිරි අවුරුදු 3ක කාලය තුළ නීරෝ පරිගණක ක්‍රීඩාව […]

Local News
September 27, 2021
341 views 0 secs 0

රට තුළ ඉන්ධන හිඟයක් නෑ- සුමිත් විජේසිංහ….

ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව […]

Local News
September 27, 2021
336 views 0 secs 0

තවත් ෆයිසර් තොගයක් දිවයිනට….

අද අලුයම 2.10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.

Local News
September 27, 2021
319 views 0 secs 0

ශවේන්ද්‍ර සිල්වාට ජනපතිගෙන් උපදෙස්…

ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 01 දා සිට නැවත රට විවෘත කිරීම සැලසුම් කරන ලෙස උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සෑම අංශයක්ම තමන්ගේම සැලසුම් සකස් කිරීමේ නිරතව සිටින බව ඔහු සඳහන් කළේය. මේ අතර රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම සඳහා වන ක්‍රියා පටිපාටි පිළිබඳ සාකච්ඡා අද (27) සිදු කරන බව […]

Local News
September 27, 2021
328 views 0 secs 0

අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල තීරණය අද…

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී අවධානය යොමු කර තිබුණා. කෙසේ නමුත් අද (27) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

Local News
September 26, 2021
314 views 0 secs 0

සංකූලතා සහිත දරුවන්ට එන්නත් ලබාදීම හෙට සිට…..

හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුළදී සංකූලතා සහිත වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් සඳහන් කළේ. මේ අතර දිවයිනේ සෙසු පළාත්වලටත් කඩිනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙන […]