Local News
October 24, 2021
287 views 0 secs 0

හෙට සිට ආරම්භ වන පාසල් ප්‍රාථමික අංශ….

හෙට (25) සිට දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. මේ අතර දරුවා යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම්දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ අදියර 4 ක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.

Local News
October 22, 2021
1404 views 3 secs 2

ආගමන විගමන දෙපාර්තමේන්තුවට යාමට කලින් වෙලාව වෙන් කරගත යුතුයි…

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පැමිණිය යුතු බවත්, එලෙස වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින් කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කර නොගන්නා බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න – https://eservices.immigration.gov.lk/td

Local News
October 22, 2021
298 views 1 sec 0

ඉන්ධන මිල ඉහලට….

ඉන්දීය ඔයිල් සමාගම (ළෛOC) විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කර තිබූ අතර සුපර් ඩිසල් සහ Ocටනෙ 95 පෙට්‍රල් මිල ඉහල නොදැමීමට තීරණය කර තිබුණි..

Local News
October 19, 2021
260 views 0 secs 0

දහම් සිරිසේනට ලැබුණු පත්වීම…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ කටයුතු සඳහා මේ වන විටත් දහම් සිරිසේන එක්ව සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා ද දහම් සිරිසේන ඉකුත්දා එක්ව සිටියා.

Local News
October 19, 2021
541 views 0 secs 0

රිදියගම යන්න නම් කලින් දැනුම් දිය යුතුයි…

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීම සඳහා පැමිණෙන්නන් ඒ සඳහා කලින් වේලාවන් වෙන්කර ගැනීම අනිවාර්ය බව දැනුම් දී තිබේ. ඒ අනුව, 047 3620410 අංකයට ඇමතීම මගින් හෝ 0706988788 අංකයට whatsapp පණිවුඩයක් ලබාදීමෙන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගත

Local News
October 19, 2021
510 views 0 secs 0

රේගු භාරයට ගත් රන් බිස්කට් තොගය….

සිරුරේ සඟවාගෙන ග්‍රෑම් 4,848ක් බර රන් බිස්කට් 48ක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවට තහවුරු වී තිබෙනවා.

Local News
October 18, 2021
315 views 0 secs 0

බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි…

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

Local News
October 17, 2021
295 views 0 secs 0

දීර්ඝ සති අන්තයේ ඒකරාශීවීම් වලින් වළකින ලෙස පොලිසිය දැනුම් දෙයි…

දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවය. ඒ සඳහා මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇති බවද එතුමා සඳහන් කලා.මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි […]

Local News
October 17, 2021
272 views 0 secs 0

පා.ම ඩිලාන් පෙරේරා අනතුරට ලක් වෙයි…

ඌව පරණ ගම හා හාලි ඇල යා කරන අබලන් වූ පාලමක් නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගොස් ඇති අතර එහිදී පාලමේ අබලන් වූ ලෑල්ලක් කැඩී ගොස් මන්ත්‍රීවරයා බිම ඇද වැටී අනතුරට පත්වී ඇති බව වාර්තා වේ…