Local News
October 28, 2021
225 views 0 secs 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මාරුවීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා. නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.

Local News
October 28, 2021
215 views 0 secs 0

දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂ නොවැම්බර් මාසයේ සන්ධානයට

දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම පක්ෂ නොවැම්බර් 11 වැනිදා වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

Local News
October 28, 2021
219 views 0 secs 0

අද ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ සහ එයට අදාළ අනෙකුත් කරුණු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Local News
October 28, 2021
224 views 0 secs 0

වදුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට…

මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

Local News, Politics
October 28, 2021
253 views 0 secs 0

“තව අවුරුදු 15 කටවත් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ . ” – දුමින්ද සිල්වා

වර්තමාන ආණ්ඩුව තව අවුරුදු 15 කට වත් වට්ටන්නට නොහැකි බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ප්‍රකාශ කරයි. ඔහු මෙය ප්‍රකාශ කලේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතිය සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයකට සහභාගි වු අවස්ථාවේ දී ය.

Local News
October 28, 2021
238 views 0 secs 0

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්පති සහ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වේ.

Local News
October 27, 2021
259 views 0 secs 0

එක රටක් එක නීතියක් බලකාය ගැන විශ්වාසයක් නෑ

ඥානසාර හිමි සභාපතිවරයා වු එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සිංහල නියෝජිතයන් නව දෙනෙක් ,මුස්ලිම් නියෝජිතයින් හතර දෙනෙක් පත් කර තිබෙනවා නමුත් දමිළ ජනතාව නියෝජනය කරන්න දමිළ නියෝජිතයෙක් පත්කර නැත .ඒ සඳහා අපි කණගාටුව ප්‍රකාශ කරනවා .මේ කාර්ය සාධන බලකාය ගැන අපිට කිසි විශ්වාසයක් තබන්න බෑ යනුවෙන් මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ […]

Local News
October 27, 2021
245 views 0 secs 0

කළුතරට ජල කප්පදුවක්

හෙට (28 වන දිනයේ) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර,දකුණ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්ටතොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල දර්ගා නගරය, අලුත්ගම, පිලම්නාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශ මෙයට ඇතුලත්ය.

Local News
October 27, 2021
280 views 0 secs 0

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මාරුවක්

පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සබරගමුව පළාතෙන් පොලිස් වෛද්‍ය සේවා, සුබසාධන සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ. රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී සිදුවු බහින්බස් වීමක් දුරදිග යෑම නිසා මෙම පහරදීම සිදු වී ඇත.

Local News
October 27, 2021
241 views 0 secs 0

එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳ සාකච්ඡාවක්…

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රායෝගික හේතූන් මත මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීම ඉතා වැදගත් බවයි.වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මෙම කරුණු පිළිබඳව නිසි අවධානයක් යොමු කර සොයා බැලුවහොත් අදාළ තීරණය […]