Local News
October 29, 2021
431 views 0 secs 0

කාලගුණයේ වෙනසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඔක්තෝබර් 28, 29 සහ 30 යන දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරමින් පැවසීය. මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවන නිසා සිදුවන අනතුරු අවම කිරිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Local News
October 29, 2021
321 views 0 secs 0

ගොවි ජනතාව නැවතත් උද්ඝෝෂණයක

ඊයේ(28) මාතලේ තොටගමුව වෙල්යාය අසල සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ  ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න , හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

Local News
October 29, 2021
409 views 0 secs 0

හැට නව ලක්ෂයකට සලකන්නේ මෙහෙමද ?

ගොවි ජනතාව අසරණ කොට,ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට රට පත් කොට ඇති ආණ්ඩුවෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ  මෙසේ දැයි කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත ආණ්ඩුවේන් විමසයි.

Local News
October 28, 2021
349 views 0 secs 0

කොවිඩ් ආසාදිතයින් 540…

අද (28) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් වන අතර කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860කි.

Local News
October 28, 2021
324 views 0 secs 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මාරුවීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා. නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.

Local News
October 28, 2021
306 views 0 secs 0

දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂ නොවැම්බර් මාසයේ සන්ධානයට

දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම පක්ෂ නොවැම්බර් 11 වැනිදා වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

Local News
October 28, 2021
335 views 0 secs 0

අද ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ සහ එයට අදාළ අනෙකුත් කරුණු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Local News
October 28, 2021
334 views 0 secs 0

වදුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට…

මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

Local News, Politics
October 28, 2021
365 views 0 secs 0

“තව අවුරුදු 15 කටවත් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ . ” – දුමින්ද සිල්වා

වර්තමාන ආණ්ඩුව තව අවුරුදු 15 කට වත් වට්ටන්නට නොහැකි බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ප්‍රකාශ කරයි. ඔහු මෙය ප්‍රකාශ කලේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතිය සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයකට සහභාගි වු අවස්ථාවේ දී ය.

Local News
October 28, 2021
349 views 0 secs 0

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්පති සහ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වේ.