Local News
November 01, 2021
386 views 0 secs 0

ඇල්ල – වල්ලවාය මාර්ගයේ අවහිරයක්

පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට පොලිස් මාධ්‍ය අංශය උපදෙස් ලබා දී ඇත.

Local News
November 01, 2021
324 views 0 secs 0

වසර 6කට පසු ප්‍රංශයෙන් ගුවන් ගමනක්

ප්‍රංශයේ සිට මගීන් 200 දෙනෙකු සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය (UL 564) වසර හයකට පසු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩ බැස්සේය.

Local News
November 01, 2021
325 views 0 secs 0

රජය මිත්‍ර පාක්ෂිකයින් ගැලරියට කතා කිරීමෙන් මිනිසුන් කුපිත නොකළ යුතුයි: ලොකුගේ

පසුගිය දා කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් රජයේ හිතවතුන් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ ප්‍රකාශ කළේ රට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින විට දේශපාලකයන් මිනිසුන් කුපිත කර නොගෙන රට රැක ගනිමින් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ යුතු බවයි.ගැලරියට කතා නොකර ආර්ථිකය පණ ගන්වමින් රට සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව ඔහු […]

Local News
October 31, 2021
369 views 0 secs 0

විනෝද චාරිකා තහනම්

පළාත් අතර සංචරණය සීමා ඉවත් කර ද විනෝද චාරිකා සඳහා පළාත් අතර ගමන් සීමා ඉවත් කර නොමැත. එය අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පමණි. මේ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

Local News
October 31, 2021
380 views 0 secs 0

Booster එන්නත හෙට සිට…

මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙටි සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස හයක් ඉක්ම වූ පුද්ගලයින්ට වන අතර බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. පළමුවෙන් බූස්ටර් එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බව වාර්තා වේ..

Local News, Sports
October 31, 2021
395 views 0 secs 0

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛ කාන්තා නාවික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 සහ මීටර් 5000 කාන්තා ඉසව්වලින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් වූවාය. කාන්තා නාවික ක්‍රීඩිකාවන් වන ගයන්තිකා අබේරත්න මීටර් 1500 කාන්තා ඉසව්ව මිනිත්තු 4 යි තත්ත්පර 9.12 කින් (4:9.12) නව ජාතික වාර්තාව […]

Local News
October 31, 2021
379 views 0 secs 0

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි….

හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක්කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Local News
October 31, 2021
337 views 0 secs 0

රටටත් ජනතාවටත් හොඳ අය වැයක් ඉදිරිපත් කිරීමට තමාට වාසනාව ලැබේවා කියලා හිතනවා- බැසිල් රාජපක්ෂ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියේ ය.ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසිනි.එහිදී මුදල් අමාත්‍යවරයා පැවසුවේ, රටටත් ජනතාවටත් හොඳ අය වැයක් ඉදිරිපත් කිරීමට තමාට වාසනාව ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

Local News
October 31, 2021
361 views 0 secs 0

ප්‍රදේශ රැසකට මහා වැසි

ගෙවුණු පය 24 තුල ඇතිවූ වැසි තත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 477ක් ආපදාවට ලක් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. ඊයේ වැඩිම වර්ශාපතනය නොරච්චෝලෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 215.4ක් වශයෙන් වාර්තා සටහන් වේ. මෙයින් ඇල්ල, හැලි ඇල, බදුල්ල සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට දැඩි බලපෑම් ඇති වී ඇත.

Local News
October 30, 2021
349 views 0 secs 0

10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ඇරඹේ

දිවයිනේ සියලුම පාසල් වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුව නිර්දේශය ලැබී ඇති අතර 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනි දින නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.