Local News
October 31, 2021
281 views 0 secs 0

Booster එන්නත හෙට සිට…

මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙටි සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස හයක් ඉක්ම වූ පුද්ගලයින්ට වන අතර බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. පළමුවෙන් බූස්ටර් එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බව වාර්තා වේ..

Local News, Sports
October 31, 2021
292 views 0 secs 0

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛ කාන්තා නාවික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 සහ මීටර් 5000 කාන්තා ඉසව්වලින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් වූවාය. කාන්තා නාවික ක්‍රීඩිකාවන් වන ගයන්තිකා අබේරත්න මීටර් 1500 කාන්තා ඉසව්ව මිනිත්තු 4 යි තත්ත්පර 9.12 කින් (4:9.12) නව ජාතික වාර්තාව […]

Local News
October 31, 2021
280 views 0 secs 0

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි….

හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක්කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Local News
October 31, 2021
233 views 0 secs 0

රටටත් ජනතාවටත් හොඳ අය වැයක් ඉදිරිපත් කිරීමට තමාට වාසනාව ලැබේවා කියලා හිතනවා- බැසිල් රාජපක්ෂ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියේ ය.ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසිනි.එහිදී මුදල් අමාත්‍යවරයා පැවසුවේ, රටටත් ජනතාවටත් හොඳ අය වැයක් ඉදිරිපත් කිරීමට තමාට වාසනාව ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

Local News
October 31, 2021
259 views 0 secs 0

ප්‍රදේශ රැසකට මහා වැසි

ගෙවුණු පය 24 තුල ඇතිවූ වැසි තත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 477ක් ආපදාවට ලක් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. ඊයේ වැඩිම වර්ශාපතනය නොරච්චෝලෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 215.4ක් වශයෙන් වාර්තා සටහන් වේ. මෙයින් ඇල්ල, හැලි ඇල, බදුල්ල සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට දැඩි බලපෑම් ඇති වී ඇත.

Local News
October 30, 2021
245 views 0 secs 0

10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ඇරඹේ

දිවයිනේ සියලුම පාසල් වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුව නිර්දේශය ලැබී ඇති අතර 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනි දින නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

Local News
October 30, 2021
208 views 0 secs 0

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරු හට එන්නත් අනිවාර්ය කීරීම

සංචරණ සිමා ලිහිල් කිරීමත් සමග අන්තර් පළාත් බස් ධාවනය අනිද්දා සිට ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කර තිබේ.ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කමාන්ඩර් නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ, එය පරීක්ෂා කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

Local News
October 30, 2021
234 views 0 secs 0

උපකාරක පන්ති කර හැකි දිනයක්

නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් උපකාර පන්ති 50%ක ධාරිතාවයෙන් නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Local News
October 30, 2021
233 views 0 secs 0

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

අද දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් අද දිනයේ මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග හමන තද සුළංවලින් හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස […]

Local News
October 30, 2021
272 views 0 secs 0

ඉරුදින ශෝක දිනයක් බවට පත් කෙරේ

අතිපුජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදහන පුජෝත්සවය හේතුවෙන් ඉරුදින ශෝක දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පුර්ණ ‍රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය