Local News
November 05, 2021
210 views 0 secs 0

රජය රට පාලනය කරන්නවත් බඩු මිල පාලනය කරන්නවත් බැහැ

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ රජයට රට පාලනය කිරීමට මෙන්ම බඩු මිල පාලනය කළ නොහැකි බව ඔප්පු කර ඇති බවයි. තව දුරටත් ඔහු කියා සිටියේ ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීම තුළින් ව්‍යාපාරිකයන්ට තමාට අවශ්‍ය පරිදි භාණ්ඩ මිල ඉහළ දැමීමට පාර කපන බවත් එමගින් ජනතාවට තවත් බරක් පටවන බවත්ය.රට තුළ […]

Local News
November 05, 2021
226 views 0 secs 0

අද කාලගුණය

බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව හා ජනතාව මෙම කාලගුණය නිසා ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වී සිටින ලෙස දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

Local News
November 05, 2021
201 views 0 secs 0

ලෝක බැංකුවෙන් ණයක්

ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා කෘෂි කර්මාන්තය සංවර්ධන කිරීම ආදි ව්‍යාපෘති සදහාය. මීට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා ලෝක බැංකුව අතර නොවැම්බර් 3 දින අත්සන් කර තිබේ.

Local News
November 05, 2021
225 views 1 sec 0

මහබාගේ ප්‍රදේශයේ මාරක අනතුර

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක , ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මහබාගේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති අතර තුවාලකරුවන් […]

Local News
November 04, 2021
243 views 0 secs 0

විදුලිය, වරාය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ ස්ථාන කිහිපයකදී විරෝධතාවල නිරතවිය.

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස මෙම විරෝධතා පැවැත්විණ.ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණ ඉදිරිපිටදීයි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ යුගදනවි බලාගාරයේ 40% ක් සහ මෙරට LNG සැපයුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට විකිණීම ඇතුළු ජාතික සම්පත් විදේශිකයින් අතට පත්කිරීම වහා නවතා දැමිය යුතු […]

Local News
November 04, 2021
1020 views 0 secs 0

දීපවාලි උත්සවය අදයි.

ලොව පුරා හින්දු බැතිමතුන් අද නව සද උදාවත් සමග දීපවාලී උත්සවය සමරයි.හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි. මේ අතර දීපවාලි දිනය වෙනුවනේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, දීපවාලි මංගල්‍යය සමග […]

Local News
November 03, 2021
224 views 0 secs 0

සීනි පාලන මිල ඉවතට

රජය විසින් ලබා දුන් සීනි පාලන මිල ඉවත් කිරීමට තිරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි

Local News, Politics
November 03, 2021
281 views 4 secs 0

වත්මන් ශ්‍රී ලංකාව පිළිබඳ ජවිපෙන් සැර ප්‍රකාශයක්

හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා…ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත් සහෝදරයාබඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න වෙලා. […]

Local News
November 03, 2021
280 views 0 secs 0

දැදුරුඔය, ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ජලාශයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවයි ඔවුන් කියා සිටියේ. මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා. ගංවතුර තවදුරටත් පැවතුනහොත් ස්වයංක්‍රීයව […]

Local News
November 03, 2021
214 views 0 secs 0

අද කාලගුණය

අද දවස සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතිය ද දිවයින ආශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා වන හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි […]