Local News
November 02, 2021
365 views 0 secs 0

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2021 වසරේ විභාග පැවැත්වෙන දින නියම කර තිබේ.

2021 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ. 2022 මැයි 23 සිට ජුනි 01 වැනිදා දක්වා 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ.

Local News
November 02, 2021
318 views 1 sec 0

අබාන්ස් රියදුරු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

2021.11.01 වන දින කැප්පෙටිපොළ පොලිස් වසමේ අබේවෙළ – රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ හංදිය අසළ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී අබාන්ස් ආයතනය මගින් ATM යන්ත්‍ර වලට මුදල් තැන්පත් කිරීම සදහා වෑන් රථයකින් මුදල් රැගෙන යමින් සිටියදී, නිලධාරීන් වෑන් රථයෙන් බැස මුදල් යන්ත්‍ර තුලට දැමීමට ගිය අවස්ථාවේ දී රියදුරු විසින් වෑන් රථය සහ රුපියල් හය කෝටි හැත්තෑ හතර […]

Local News
November 02, 2021
336 views 0 secs 0

ජවිපෙන් පෙත්සමක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇමරිකාවට පැවරීමේ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ජවිපෙ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අද (02) සවස 2.00ට ලබාදීමට නියමිතය .

Health, Local News
November 02, 2021
362 views 0 secs 0

ඩෙංගු රෝගීන්ගේ භයානක වැඩිවීමක්

ඊයේ (01) දින පමණක් රෝගීන් 120 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඊයේ (නොවැ. 1) පමණක් ආසාදිතයින් 32ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ උපදේශිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි කියා සිටියේ කොවිඩ් හා සමාන විය හැකි උණ, සෙම්ප්‍රතිශ්‍යාව, මාංශ පේශි වේදනාව […]

Local News
November 02, 2021
334 views 0 secs 0

ගැබිනි මවුවරුන් සේවයට

සීමාවන්ට යටත්ව ගැබිනි මවුවරුන් සේවයට කැඳවන බවරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. එම කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කරන බවරාජ්‍ය පරිපාලන […]

Local News
November 02, 2021
309 views 0 secs 0

හරීන් රන්ජන්ට මන්ත්‍රී ධුරය දෙන්න සූදානම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට සිරගතව සිටින රාමනායක මහතාට සමාව දෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කිහිප වතාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.රන්ජන් රාමනායක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දීමට සූදානම් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඊයේ පැවසීය.

Local News
November 01, 2021
400 views 0 secs 0

නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීමක්

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත. එලෙස නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත දැක්වේ.

Health, Local News
November 01, 2021
447 views 0 secs 0

ශ්‍රී ලංකාව A30 ගැන අවධානයෙන්..

මේ වන විට ශ්‍රී ලංකාවද කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. එමෙන්ම නව සොයා ගැනීම් වලට අනුව මෙම ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Health, Local News
November 01, 2021
360 views 1 sec 0

තුන්වන මාත්‍රාව කියනවට වඩා බූස්ටර එන්නතක් කියන එක හොඳයි – වෛද්‍ය හේමන්ත හේරත්

සාමාන්‍යන් එන්නතක තුන්වන මාත්‍රාවක් ලෙස සමහර එන්නත්වල ම මාත්‍රා එකක් දෙකක් තුනක් වශයෙන් මාත්‍රා ලබා දෙනවා සමහර එන්නත් මාත්‍රා ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය කිරීමට භාවිත කරන විට එයට booster dose කියලා වචනයක් භාවිත කරනවා . මෙය ප්‍රවර්ධන මාත්‍රාවක්. මේ බව වෛද්‍ය හෙමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරයි.

Local News
November 01, 2021
401 views 0 secs 0

ගමෙන් පටන් ගමු!

අද (01) පෙ.ව. 10.00 සිට ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයගේ ප්‍රධානත්වයෙන් ගමෙන් පටන් ගමු! සුන්දර රටක් – ලස්සන ජීවිතයක් තේමාවෙන් ජනතාව දැනුවත් කරන පත්‍රිකා බෙදීමේ වැඩසටහන මහරගම නගරයේදී පැවැත්විය.