Local News
October 30, 2021
234 views 0 secs 0

පළාත් අතර දුම්රිය ධාවනය සිදුවේ

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු කොවිඩ් මර්දන කමිටුව රැස්වීමේදි අවසර ලබා දුන් නිසා නොවැම්බර් 1 දා සිට පළාත් අතර දුම්රිය ධාවන ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

Local News
October 30, 2021
214 views 0 secs 0

ජනාධිපති ස්කොට්ලන්තයට

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP26 සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Local News
October 29, 2021
206 views 0 secs 0

31 පසු අන්තර් පළාත් සංචරණ සීමා අවසන්…

අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. […]

Local News
October 29, 2021
252 views 2 secs 0

සරසවි ප්‍රවේශයට කඩයිම් ලකුණු නිකුත් කෙරේ…

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ Z-Score ලකුණු අද සවස නිකුත් කර ඇති බව ප්‍රකාශ කර සිටියා. admission.ugc.ac.lk යන ලිපිනයට පිවිස තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Local News
October 29, 2021
208 views 0 secs 0

මහජන බැංකුවෙන් චීනයට ප්‍රතිචාරයක්…

බැංකුව අසාදු ලේඛනගත කිරීමට කොළඹ චීන තානාපති කාර්යාලය ගත් තීරණයට ශ්‍රී ලංකා මහජන බැංකුව ප්‍රතිචාර දක්vamin කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් චීන පොහොර ව්‍යාපාරයකට ගෙවීම නතර කළ බවයි. ඉදිරි අධිකරණ තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා බව මහජන බැංකුව වැඩිදුරටත් පැවසීය.

Local News
October 29, 2021
419 views 0 secs 0

ශ්‍රී ලංකා මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කරයි

ශ්‍රී ලංකා මහජන බැංකුව ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ සදහන් කර ඇත. ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් […]

Local News
October 29, 2021
321 views 0 secs 0

කාලගුණයේ වෙනසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඔක්තෝබර් 28, 29 සහ 30 යන දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරමින් පැවසීය. මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවන නිසා සිදුවන අනතුරු අවම කිරිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Local News
October 29, 2021
221 views 0 secs 0

ගොවි ජනතාව නැවතත් උද්ඝෝෂණයක

ඊයේ(28) මාතලේ තොටගමුව වෙල්යාය අසල සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ  ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න , හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

Local News
October 29, 2021
305 views 0 secs 0

හැට නව ලක්ෂයකට සලකන්නේ මෙහෙමද ?

ගොවි ජනතාව අසරණ කොට,ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට රට පත් කොට ඇති ආණ්ඩුවෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ  මෙසේ දැයි කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත ආණ්ඩුවේන් විමසයි.

Local News
October 28, 2021
239 views 0 secs 0

කොවිඩ් ආසාදිතයින් 540…

අද (28) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් වන අතර කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860කි.