Local News
October 30, 2021
313 views 0 secs 0

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරු හට එන්නත් අනිවාර්ය කීරීම

සංචරණ සිමා ලිහිල් කිරීමත් සමග අන්තර් පළාත් බස් ධාවනය අනිද්දා සිට ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කර තිබේ.ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කමාන්ඩර් නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ, එය පරීක්ෂා කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

Local News
October 30, 2021
340 views 0 secs 0

උපකාරක පන්ති කර හැකි දිනයක්

නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් උපකාර පන්ති 50%ක ධාරිතාවයෙන් නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Local News
October 30, 2021
337 views 0 secs 0

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

අද දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් අද දිනයේ මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග හමන තද සුළංවලින් හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස […]

Local News
October 30, 2021
378 views 0 secs 0

ඉරුදින ශෝක දිනයක් බවට පත් කෙරේ

අතිපුජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදහන පුජෝත්සවය හේතුවෙන් ඉරුදින ශෝක දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පුර්ණ ‍රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය

Local News
October 30, 2021
345 views 0 secs 0

පළාත් අතර දුම්රිය ධාවනය සිදුවේ

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු කොවිඩ් මර්දන කමිටුව රැස්වීමේදි අවසර ලබා දුන් නිසා නොවැම්බර් 1 දා සිට පළාත් අතර දුම්රිය ධාවන ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

Local News
October 30, 2021
311 views 0 secs 0

ජනාධිපති ස්කොට්ලන්තයට

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP26 සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Local News
October 29, 2021
315 views 0 secs 0

31 පසු අන්තර් පළාත් සංචරණ සීමා අවසන්…

අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. […]

Local News
October 29, 2021
346 views 2 secs 0

සරසවි ප්‍රවේශයට කඩයිම් ලකුණු නිකුත් කෙරේ…

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ Z-Score ලකුණු අද සවස නිකුත් කර ඇති බව ප්‍රකාශ කර සිටියා. admission.ugc.ac.lk යන ලිපිනයට පිවිස තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Local News
October 29, 2021
309 views 0 secs 0

මහජන බැංකුවෙන් චීනයට ප්‍රතිචාරයක්…

බැංකුව අසාදු ලේඛනගත කිරීමට කොළඹ චීන තානාපති කාර්යාලය ගත් තීරණයට ශ්‍රී ලංකා මහජන බැංකුව ප්‍රතිචාර දක්vamin කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් චීන පොහොර ව්‍යාපාරයකට ගෙවීම නතර කළ බවයි. ඉදිරි අධිකරණ තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා බව මහජන බැංකුව වැඩිදුරටත් පැවසීය.

Local News
October 29, 2021
529 views 0 secs 0

ශ්‍රී ලංකා මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කරයි

ශ්‍රී ලංකා මහජන බැංකුව ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ සදහන් කර ඇත. ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් […]