Local News
October 27, 2021
249 views 0 secs 0

පොහොර නැව රට තුළට ගන්නේ නැහැ- මහින්දානන්ද අලුත්ගමගේ

චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව නෞකාව තුළ ඇති පොහොර නැවත පරීක්ෂණයට ලක් නොකරන බවත් එයට අදාළ මුදල් ගෙවීමද සිදු නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ටෙන්ඩර් ගිවිසුම ප්‍රකාරව මෙම පොහොර තොගය යළි රැගෙන ගොස් නිවැරදි පොහොර නිෂ්පාදනය කර රැගෙන පැමිණිය හොත් පොහොර යළි භාර ගන්නා බවත් […]

Local News
October 27, 2021
211 views 0 secs 0

“පොහොර ඉල්ලා රාජාංගනයේ ගොවීන් විරෝධතාවක”

ගොවිතැනට සුදුසු පොහොර හා බෙහෙත් නිසි කලට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමින් රාජංගනයේ ගොවීන් අද උදෑසන රාජංගනය පුත්තලම මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත විය.

Local News
October 27, 2021
229 views 0 secs 0

දින දෙකක් අඳුරේ ඉන්න වෙයිද…?

විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටිනවා.කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ඊට හේතු වී තිබෙනවා.මෙම ගිවිසුම සඳහා විරෝධය පළ කරමින් වැඩවර්ජනයක් සඳහා යොමු වන බවත් ඒ හේතුවෙන් දින දෙකක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බවත්, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ […]

Local News
October 27, 2021
255 views 0 secs 0

“එක රටක් එක නීතියක් “කාර්ය සාධක බලකායේ සභාපති තනතුර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට…

පූජ්‍ය ඥාණසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්කර ඇත.එහි ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම් ජීවන්ති සේනානායක මැතිතුමියයි. ගැසට් නිවේදනය පහතින්,

Local News
October 26, 2021
245 views 0 secs 0

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට…

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් අවුරුදු 42 ක පුද්ගලයෙකු මියගොස් තිබේ. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.

Local News
October 26, 2021
219 views 0 secs 0

නිරෝධායන රීතින් උල්ලංඝනය කල සමස්තය 81,000 ඉක්මවයි…

ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගත් සමස්තය 81,353 බව වාර්තා වේ. බස්නාහිර පළාතේ ස්ථාපිත මාර්ග බාධක වලදී බස්නාහිර පළාතෙන් පිටවන වාහන 542 සහ පුද්ගලයින් 1,088 දෙනෙකු ඊයේ පරීක්ෂාවට […]

Local News
October 26, 2021
230 views 0 secs 0

ගුරු සංගමයේ “අකුරට වැඩ කිරීම”….

“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සියලු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මෙම සතිය තුළ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (26) දිනයේ තීරණය කරන බවය.

Local News
October 25, 2021
243 views 0 secs 0

කොටස් වෙළඳ පොලේ සියලු කොටස් දසදහස ඉක්මවයි…

අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා විය.. ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80

Local News
October 25, 2021
268 views 1 sec 0

ජ.හැ පත් නිකුත් කිරීමේ එක් දින සේවාව අද සිට ඇරඹේ..

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු පළාත් කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළ අතරඑක්දින සේවාව මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණීමේදී කලින් දිනයක් සහ […]

Local News
October 24, 2021
283 views 0 secs 0

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ…

හෙට (25) සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ගමන්වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක වන අතර දුම්රිය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ. හෙට දුම්රිය ධාවනය වන කාල සටහන පහතින්,