Local News
October 27, 2021
366 views 0 secs 0

එක රටක් එක නීතියක් බලකාය ගැන විශ්වාසයක් නෑ

ඥානසාර හිමි සභාපතිවරයා වු එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සිංහල නියෝජිතයන් නව දෙනෙක් ,මුස්ලිම් නියෝජිතයින් හතර දෙනෙක් පත් කර තිබෙනවා නමුත් දමිළ ජනතාව නියෝජනය කරන්න දමිළ නියෝජිතයෙක් පත්කර නැත .ඒ සඳහා අපි කණගාටුව ප්‍රකාශ කරනවා .මේ කාර්ය සාධන බලකාය ගැන අපිට කිසි විශ්වාසයක් තබන්න බෑ යනුවෙන් මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ […]

Local News
October 27, 2021
345 views 0 secs 0

කළුතරට ජල කප්පදුවක්

හෙට (28 වන දිනයේ) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර,දකුණ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්ටතොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල දර්ගා නගරය, අලුත්ගම, පිලම්නාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශ මෙයට ඇතුලත්ය.

Local News
October 27, 2021
389 views 0 secs 0

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මාරුවක්

පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සබරගමුව පළාතෙන් පොලිස් වෛද්‍ය සේවා, සුබසාධන සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ. රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී සිදුවු බහින්බස් වීමක් දුරදිග යෑම නිසා මෙම පහරදීම සිදු වී ඇත.

Local News
October 27, 2021
344 views 0 secs 0

එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳ සාකච්ඡාවක්…

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රායෝගික හේතූන් මත මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීම ඉතා වැදගත් බවයි.වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මෙම කරුණු පිළිබඳව නිසි අවධානයක් යොමු කර සොයා බැලුවහොත් අදාළ තීරණය […]

Local News
October 27, 2021
348 views 0 secs 0

පොහොර නැව රට තුළට ගන්නේ නැහැ- මහින්දානන්ද අලුත්ගමගේ

චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව නෞකාව තුළ ඇති පොහොර නැවත පරීක්ෂණයට ලක් නොකරන බවත් එයට අදාළ මුදල් ගෙවීමද සිදු නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ටෙන්ඩර් ගිවිසුම ප්‍රකාරව මෙම පොහොර තොගය යළි රැගෙන ගොස් නිවැරදි පොහොර නිෂ්පාදනය කර රැගෙන පැමිණිය හොත් පොහොර යළි භාර ගන්නා බවත් […]

Local News
October 27, 2021
318 views 0 secs 0

“පොහොර ඉල්ලා රාජාංගනයේ ගොවීන් විරෝධතාවක”

ගොවිතැනට සුදුසු පොහොර හා බෙහෙත් නිසි කලට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමින් රාජංගනයේ ගොවීන් අද උදෑසන රාජංගනය පුත්තලම මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත විය.

Local News
October 27, 2021
334 views 0 secs 0

දින දෙකක් අඳුරේ ඉන්න වෙයිද…?

විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටිනවා.කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ඊට හේතු වී තිබෙනවා.මෙම ගිවිසුම සඳහා විරෝධය පළ කරමින් වැඩවර්ජනයක් සඳහා යොමු වන බවත් ඒ හේතුවෙන් දින දෙකක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බවත්, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ […]

Local News
October 27, 2021
358 views 0 secs 0

“එක රටක් එක නීතියක් “කාර්ය සාධක බලකායේ සභාපති තනතුර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට…

පූජ්‍ය ඥාණසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්කර ඇත.එහි ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම් ජීවන්ති සේනානායක මැතිතුමියයි. ගැසට් නිවේදනය පහතින්,

Local News
October 26, 2021
352 views 0 secs 0

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට…

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් අවුරුදු 42 ක පුද්ගලයෙකු මියගොස් තිබේ. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.

Local News
October 26, 2021
324 views 0 secs 0

නිරෝධායන රීතින් උල්ලංඝනය කල සමස්තය 81,000 ඉක්මවයි…

ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගත් සමස්තය 81,353 බව වාර්තා වේ. බස්නාහිර පළාතේ ස්ථාපිත මාර්ග බාධක වලදී බස්නාහිර පළාතෙන් පිටවන වාහන 542 සහ පුද්ගලයින් 1,088 දෙනෙකු ඊයේ පරීක්ෂාවට […]