Local News
October 18, 2021
374 views 0 secs 0

බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි…

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

Local News
October 17, 2021
349 views 0 secs 0

දීර්ඝ සති අන්තයේ ඒකරාශීවීම් වලින් වළකින ලෙස පොලිසිය දැනුම් දෙයි…

දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවය. ඒ සඳහා මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇති බවද එතුමා සඳහන් කලා.මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි […]

Local News
October 17, 2021
334 views 0 secs 0

පා.ම ඩිලාන් පෙරේරා අනතුරට ලක් වෙයි…

ඌව පරණ ගම හා හාලි ඇල යා කරන අබලන් වූ පාලමක් නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගොස් ඇති අතර එහිදී පාලමේ අබලන් වූ ලෑල්ලක් කැඩී ගොස් මන්ත්‍රීවරයා බිම ඇද වැටී අනතුරට පත්වී ඇති බව වාර්තා වේ…

Local News
October 14, 2021
321 views 0 secs 0

රෝහිත ගැන පලවන පුවත් අසත්‍යයි..?

තමා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට යන බව පවසමින් පළවන පුවත් අසත්‍ය බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවයි ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා…

Local News
October 13, 2021
296 views 0 secs 0

තෙල් මිලත් ඉහළ නගීද…?

මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව මේ වනවිටත් ඓOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. තෙල් සංස්ථාව ද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර ඒ […]

Local News
October 13, 2021
299 views 0 secs 0

යොහානිට උණුසුම් පිළිගැනීමක්….

ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ, ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින යොහානි ද සිල්වා මෙනවිය ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමි වු බවට ද වාර්තා වේ

Local News
October 13, 2021
306 views 0 secs 0

ඉන්දීය යුද හමුදා ජෙනරාල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට…

ඊයේ (12) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) උදෑසන 11.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ. ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් […]

Local News
October 12, 2021
348 views 0 secs 0

කාබනික පොහොර බෙදාදීම හෙට ​සිට…

හෙට ​සිට (13) මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී […]

Local News
October 10, 2021
291 views 0 secs 0

ඉහල යන ගෑස් මිල….

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක්. එසේම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක්. කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් […]