Local News
October 14, 2021
272 views 0 secs 0

රෝහිත ගැන පලවන පුවත් අසත්‍යයි..?

තමා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට යන බව පවසමින් පළවන පුවත් අසත්‍ය බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවයි ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා…

Local News
October 13, 2021
247 views 0 secs 0

තෙල් මිලත් ඉහළ නගීද…?

මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව මේ වනවිටත් ඓOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. තෙල් සංස්ථාව ද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර ඒ […]

Local News
October 13, 2021
250 views 0 secs 0

යොහානිට උණුසුම් පිළිගැනීමක්….

ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ, ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින යොහානි ද සිල්වා මෙනවිය ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමි වු බවට ද වාර්තා වේ

Local News
October 13, 2021
258 views 0 secs 0

ඉන්දීය යුද හමුදා ජෙනරාල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට…

ඊයේ (12) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) උදෑසන 11.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ. ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් […]

Local News
October 12, 2021
295 views 0 secs 0

කාබනික පොහොර බෙදාදීම හෙට ​සිට…

හෙට ​සිට (13) මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී […]

Local News
October 10, 2021
240 views 0 secs 0

ඉහල යන ගෑස් මිල….

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක්. එසේම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක්. කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් […]

Local News
October 10, 2021
238 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

ඊයේ (9) දින්ට කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ වන විට මෙරට සුවය ලැබු සමස්තය 480,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
October 08, 2021
268 views 0 secs 0

පස් දෙනෙකුට දිවි අහිමි කල රාගලවත්ත ගින්න..

ඊයේ (07) රාත්‍රියේ නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වුරුදු 60 පිරිමි පුද්ගලයෙක්, වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක්ව, වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් විසින් ගින්න ඇති වු ස්ථානය මේ වන විට පරීක්ෂා කර ඇති බවත්, අද දින වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට […]

Local News
October 07, 2021
272 views 0 secs 0

නව නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙක්…

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කිරීම පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ සිද්ධියක් බවද පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති […]

Local News
October 07, 2021
240 views 0 secs 0

කළුතර ප්‍රදේශයේ ජල කප්පාදුවක්..

අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) පෙරවරු 8.00 සිට හෙට (08) අලුයම 2.00 දක්වා ජල කප්පාදුවක් සිදුකර තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවය.