Monthly Archives: March 2022
බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ. ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත්, අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇටි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කලා.
සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1850 ක් බව සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කර සිටියා.
වසර 443කට පසුව ගාලුකොටුව ප්‍රතිසංස්කරණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බවත්,ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටියා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.බ්ලූමැන්ඩල්, මීගොඩ, බියගම, පොල්පිතිගම, කුරුවිට, මැල්සිරිපුර, කුඹුක්ගැටේ සහ නෙළුක්කුලම යන පොලිස් බල ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.බොහෝ අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රිය පැදවීම බව පොලිසිය ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ණ්ඨ්ඵ්C ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ. ඒ සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහායි..බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යන අමාත්‍යවරුන් ඒ සඳහා සහභාගී වූ අතර එය අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.
රට තුළ පවතින ගෘහස්ත ගෑස් හිඟය මහහරවා ගැනීම සඳහා ගෑස් සිලින්ඩර 120,000 බෙදාහැරීමට ඊයේ (11) දිනය තුළ කටයුතු කර ඇති අතර ඉදිරි දින කිහිපයේදීත් එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
හෙට (12) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර පහත දක්වා ඇති පරිදි එය සිදු කිරීමට නියමිතයි. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 10.00 සිට දහවල් 2.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් හා සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L […]
ඊයේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සිය පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින්, 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇති බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර සිටියා. ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත 4ක බලය තහවුරු කරගෙන තිබේ. උත්තර් ප්‍රදේශ්, උත්තර්කන්ද් ,මනිපූර් […]
ලංකා IOC සමාගම බ්‍රහස්පතින්දා (10) මිල වැඩි කිරීමට තීරණය කිරීමෙන් පසු CPC ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉඟි කර තිබේ.පළමුව ලෝකය වසංගතයෙන් පීඩාවට පත් වූ බවත්, දැන් යුක්රේනයේ ගැටුම කෙසේ වෙතත්, ජනතාවට සහන සැලසීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.“අපි දැනටමත් රු. 5000/- දීමනාවක්, සහ හැකිතාක් වැඩිපුර […]
