Yearly Archives: 2022
හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක පමණ කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී සිටියා. උස්වැටකෙයියාව, පමුණුගම, තල්දියවත්ත ප්‍රදේශ වලට 22වනදා පස්වරු 6 සිට, 23වනදා පෙරවරු 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
නත්තල් දිනය දා සියලුම සුරාසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් හෝටල් හා අවන්හල් වල මත්පැන් භාවිතා කල හැකි බව එහි සදහන් වේ.
එළඹෙන උත්සව සමයේදී විදුලි කප්පාදුව දින කිහිපයකට අත්හිටුවීමට තීරණය කල බව විදුලි බල අමාත්‍යවරයා සදහන් කර සිටියා. ඒ අනුව 24,25,26 යන තෙදින හා දෙසැම්බර් 31 ජනවාරි 1 යන දින වල විදුලි කප්පාදුව සිදු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දී සිටියේ.
ජනවාරි මස සිට විදුලි බිල නැවත ඉහල දැමීමට පියවර ගන්නා බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා.
අද(19) සිට 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ ලර සිටියා. ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කලා. මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් […]
ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 23 වැනිදා ළමුන්ට ද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කර සිටියා.
අද (16) දින පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සවස් කාලයේ සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වල වයස අවුරුදු 8ක කුඩා දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දරුවා මේ වනවිට පැය 16ක කාලයක් ළිඳ තුළ සිරවී සිටින අතර දරුවා ළිඳේ අඩි 55ක පමණ උසක සිරවී සිටින බවට උපකල්පනය කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දරුවට ඉහළින් මඩ තට්ටුවක් […]
විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබෙන බව විදෙස් මාධ්ය ප්‍රකාශ කර සිටියා. ජනතාවට පැය 22ක් තරම් දිගු කාලයක් විදුලි කප්පාදුවකින් පීඩා විඳීන්නට සිදුවී ඇති අතර විරෝධතාකරුවන් පන්දම් රැගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවී සිටින බවත්, පාකිස්තාන රජයට එරෙහි දේශපාලනඥයින් හා සමාජ ක්‍රියාකාරීන් රැසක් ද විරෝධතා […]
උතුරුදිග ඇෆ්ගනිස්තානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර සිටියා. ඇෆ්ගනිස්තාන, උස්බෙකිස්ථාන දේශසීමාව සමීපයේ උතුරුදිග බල්ක් නගරය ආසන්නයේ සිදුවූ එම පිපිරීමේ ඉලක්කය වී තිබුණේ කම්කරුවන් පිරිසක් රැගත් බස් රථයකි. කෙසේ වුවද මෙම පිපිරීම සිදුවූ ආකාරය මෙතෙක් නිශ්චිතව පැහැදිලි කර නොමැත.
