Yearly Archives: 2022
හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.
දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනයට කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ව සිටී. අද උදෑසන 7 […]
ඊයේ (04) පස්වරුවේ මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය මඟින් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.රුමේෂ් රත්නායක දැනට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.
මෙරටින් සොයාගත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික වන ආසියාවේ රැජින (QUEEN OF ASIA) ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.මෙම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310කට ආසන්නයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද ඔහු කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.කෙසේවෙතත් ඉන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
සුඩානයේ ජනතාව විසින් කාර්ටූම් අගනගරයේ පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව එරට අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව සිවිල් පාලනය නෙරපා බලය දැහැ ගැනීමට හමුදා නායකයින් කටයුතු කළේය. පසුව අගමැතිවරයා ලෙස අබ්ඩල්ලා හැම්ඩොක් ව පත්කළ ද හමුදා පාලකයින් ඉවත්වී සම්පූර්ණ සිවිල් පාලනයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව පවසමින් […]
ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලද බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නව බස් ගාස්තු සංශෝධනය ලබන 05 වන දින සිට ක්‍රියාත්මක බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ. සංශෝධනය කරන ලද බස් ගාස්තු පහතින්.
