FEATURE
on Jan 31, 2022
186 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර දැමීමේ සිද්ධියට තමා සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා විය.සිද්ධියට තමා සම්බන්ධ කරමින් සමාජ […]

FEATURE
on Jan 31, 2022
205 views 0 secs

මේ වර්ෂය පුරා විශාල ප්‍රමාණයෙ පොල් ගෙඩි සතොස හරහා රුපියල් 75 කට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. වරකට පොල් ගෙඩි 5 ක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

FEATURE
on Jan 27, 2022
208 views 0 secs

පුද්ගලයෙකු පානදුරේ ප්‍රදේශයේදී ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට අයත් අදාළ ගිලන් රථයේ රියදුරාට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.

FEATURE
on Jan 27, 2022
193 views 0 secs

OMICRON ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් 19 තරංග කිහිපය තුළ මුළු රටම එකම රසායනාගාරයක් පමණක් පැවතීම සහ ඔක්සිජන් හිඟය වැනි යම් යම් අඩුපාඩුකම් පැවතියද මෙවර එම ගැටළු නිරාකරණය වනු ඇති බවයි.නුදුරු අනාගතයේ දී ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි නම් නිවෙස්වලින් […]

FEATURE
on Jan 27, 2022
179 views 0 secs

දුම්රිය දෙපාර්තමේන්තුව කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානමින් සිටින බව එහි සභාපති සුමේධ සෝමරත්න පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලීම් නැවතත් බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඊට විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි

FEATURE
on Jan 27, 2022
227 views 0 secs

රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් පවතින බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවයි.

FEATURE
on Jan 26, 2022
175 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බදාදා (26) වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා තිබුණි.යහපාලන රජය හෝ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.දිසානායක පැය දෙකකට ආසන්න කාලයක් පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දුන්නේය. “මෙම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා […]

FEATURE
on Jan 26, 2022
184 views 0 secs

කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීමටත් ඉන්ධන සඳහා වන මුදල් යම් ප්‍රමාණයකට ඉතිරි කර ගැනීමටත් ශ්‍රී ලංකාව පාපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරයි. වායු දූෂණය සහ තවත් බොහෝ කරුණු අවම කිරීම සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට තම අමාත්‍යාංශය සූදානම් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.මාර්ග සංවර්ධනය කිරීමේදී පාපැදිකරුවන් සඳහා සෑම මාර්ගයකම […]

FEATURE
on Jan 26, 2022
169 views 0 secs

සැක සහිත හා අඩක් භාවිත කළ ගෘහස්ත ගෑස් සිලින්ඩර එම සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.නිවේදනය පහතින්,

FEATURE
on Jan 26, 2022
192 views 0 secs

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබෙනවා.පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පකිස්තාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.