Monthly Archives: March 2022
රුසියාව යුක්‍රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු මිය ගොස් ඇති අතර, මෙම ප්‍රහාරය යුද අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි. මෙය කම්පා සහගත ප්‍රහාරයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.මේ අතර ඊයේ දින, […]
ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකා වෙරළට ළඟා වූ ටැංකියකින් ඩීසල් ගොඩබෑම බ්‍රහස්පතින්දා (10) ආරම්භ වූ බව ය.එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් තිබී ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා ප්‍රකාශ කළේ.ඩීසල් වෙළෙඳපොළට බෙදා හැරීම කඩිනම් කරන බවත්, ඩීසල් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කෙරෙන ඩීසල් පරිමාව මෙට්‍රික් ටොන් […]
අද (9) දින පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පනතට විපක්ෂය විරුද්ධ බවයි.
තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 149ක් එක් කරන කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් සීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. එමෙන්ම කොළොන්නාව , මතුගම සහ තුල්හිරිය ඇතුළු විදුලි බලාගාර රැසකට මෙතෙක් […]
මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනාගැනීමේ අරමුණින් කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියා.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්‍රේනයේ ජීවත් වෙන පුද්ගලයින් මිලියන 02ක් අද (08) වන විට යුක්‍රේනය අත්හැර ගොස් ඇති බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝප ඉතිහාසයේ විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දෙමින් ඇති බව ඔහු මීට පෙර […]
කිරිබත්ගොඩ, මුදියන්සේවත්ත ප්‍රදේශයේ නිවසක ගඩොල් ගොඩක් යට තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ ඊයේ (7) රාත්‍රියේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක් යට මිනිස් අතක් පෙනෙන බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවයි.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
