Monthly Archives: March 2022
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා ඉහළ නොදැමීමට එරෙහිව ඉන්ධන බවුසර් හිමියන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා බදාදා (16) දිනයේදී බවුසර් රථ 800ක් පමණ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය (SLPPTOA) ප්‍රකාශ කළේය.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් […]
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා අද (15) දහවල් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර මුදල් අමාත්‍යවරයා සමග අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ද පිටත්ව ගිය බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවැත්වීමට නියමිතව තිබූ හමුව යළිත් වරක් කල් දමා තිබේ. සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් සඳහා දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නියෝජිත පිරිසකට ජනාධිපති රාජපක්ෂ ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමැණිකන් ඊයේ නිවේදනය කළේය. වසර දෙකකට ආසන්න කාලයකට පසු අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ […]
ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා. දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජන බගවේගයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය, මරදාන ඇතුළු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් සමගි හටගෙන ඇති බව පොලීසිය පවසනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව අමතර විශේෂ ලේබලය යටතේ නිකුත් කරන 750ml මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් වැඩි වන අතර 375ml රුපියල් 60 සහ 180ml රුපියල් 30කින් වැඩි වී ඇත.
අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2ක කාලයක්ද, සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාල සීමාව තුළ පැයක කාලයක්ද විදුලි කප්පාදුව සිදු කරන අතර A, B, C, D, […]
එළඹෙන බදාදා (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.
2021 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිථල ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව, ඔහු සඳහන් කළේ ය. මේ අතර, බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තු 60% කින් ඉහළ දමා තිබේ.
