Yearly Archives: 2022
අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් සිදුවිය.මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මෙම හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක […]
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ පත්කර තිබෙන අතර අද (04) ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔහු මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කළ බවයි සඳහන් වන්නේ.
පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් න්වේදනයට අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,
පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.
යුපුන් අබේකෝන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහු අවසන් තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර තරඟය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් […]
අද (03) සවස ගාලුමුවදොර අරගලකරුවන්ට, උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් සහ භෝග වගාකිරීම් වහාම අගෝස්තු 5 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් කොටුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි ගැසට් නිවේදනයක් මගින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වුණා.
වසර හතරක වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා අගෝස්තු මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.“මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපගේ අපේක්ෂාවයි,” ඔහු අද (3) රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය.“ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන Lazard සහ Clifford Chance සමඟ සහයෝගයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ […]
