FEATURE
on Jun 12, 2023
172 views 0 secs

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කර සිටියා.

FEATURE
on Jun 12, 2023
169 views 0 secs

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ විය. මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තයේ පවත්වා තිබුණා.

FEATURE
on Jun 12, 2023
181 views 0 secs

හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු […]

FEATURE
on Jun 5, 2023
175 views 0 secs

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි . ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහාත්, බදුල්ල […]

FEATURE
on Jun 5, 2023
205 views 0 secs

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් දඩ නියම කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. ඇෆග්නිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

FEATURE
on Jun 5, 2023
178 views 0 secs

ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ. ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙය වාර්තා කල අතර වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් […]

FEATURE
on Jun 5, 2023
161 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරනගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන් නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කළ බවයි.

FEATURE
on Jun 5, 2023
190 views 0 secs

චීනයේ, සිචුවාන් පළාතේ පතලක් තුළ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි සඳහන් ය. අධික වර්ෂාවත් සමග මෙම නායයෑම සිදු වී ඇති අතර අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

FEATURE
on Jun 5, 2023
179 views 0 secs

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

FEATURE
on Jun 5, 2023
187 views 0 secs

ඉදිරි සති කිහිපය ඇතුළත ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. කෙසේ වුවද සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවත්,මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවත් එහි […]