Yearly Archives: 2023
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්, තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා.ඒ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහායි.
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද (20) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර එළඹෙන සඳුදා (23) දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර පෙබරවාරි මස 20 වන සදුදා දින ආරම්භ වේ.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඊයේ (19) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවී තිබේ. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට […]
88 හැවිරිදි වියේ පසු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කර තිබේ.
අද (19) උදෑසන දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූදුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබූ බව වාර්තා වේ.
නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.එම සමාගම විසින් මෙම කිරිපිටි තොගය ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබුවා. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබාදීමට නියමිතයි. සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීමත්, […]
විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කර සිටියා. උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුමද අවශ්‍ය වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
ඉහළ පෙළේ දූෂණ වංචා රැසක් පිළිබඳව චෝදනා එල්ල වී තිබූ වියට්නාම ජනපති නුයෙන් ෂුආන් ෆුක් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම වංචා දූෂණ පිළිබඳව අදහස් දැක්වීමට එරට කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කර තිබූ මධ්‍යම කාරක සභා සැසියේ දී ඔහු එලෙස ඉල්ලා අස්වී තිබේ. අතර 68 හැවිරිදි ෆුක් 1979 දී පළාත් මට්ටමින් […]
