Home > Articles posted by Admin (Page 115)
FEATURE
on Mar 8, 2023
284 views 0 secs

ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.

FEATURE
on Mar 8, 2023
283 views 1 sec

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සතිපතා අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ QR ඉන්ධන සලාකය අලුත් කිරීම සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බව ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව තවදුරටත් […]

FEATURE
on Mar 8, 2023
298 views 0 secs

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි මිල අද (08) සිට රුපියල් 15කින් අඩු කිරිමට පහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

FEATURE
on Mar 8, 2023
304 views 0 secs

අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

FEATURE
on Mar 8, 2023
272 views 0 secs

ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

FEATURE
on Mar 8, 2023
274 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද (08) තවදුරටත් අඩු වී තිබෙනවා. අද (08) දිනයේ දී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 313.77 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05 ක් ලෙසයි සටහන්ව තිබූ අතර ඊයේ (07) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 […]

FEATURE
on Mar 8, 2023
273 views 0 secs

මාර්තු 15 වනදා වන විට රටම අඩපණ කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළ යුතු බවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 13 වනදා සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධවීමට තීරණය කර ඇති බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ. කෙසේ වුවද 10 වනදා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලබාදී […]

FEATURE
on Mar 8, 2023
312 views 0 secs

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කර සිටියා. එමෙන්ම ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතයි.

FEATURE
on Mar 8, 2023
273 views 0 secs

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන අතරම එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 5, 2023
310 views 0 secs

බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. තුවාල ලැබු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර පිපීරීමෙන් අනතුරුව බලාගාරය තුළ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට මළසිරුරු 6ක් සොයාගෙන ඇති බව වාර්තා වේ. එම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව අතර සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් […]