Home > Articles posted by Admin (Page 117)
FEATURE
on Feb 28, 2023
277 views 0 secs

ගත වූ මාස 2 තුළ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.අදාළ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 2 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවත්, ඉන් 26% ක් රුසියානු ජාතිකයින් බව ඔහු සඳහන් කළේ ය.

FEATURE
on Feb 28, 2023
299 views 0 secs

මේ දිනවල පුත්තලම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටියා.කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, රත්මලාන, ගොතටුව, මහරගම යන ප්‍රදේශවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ. මෙම වසරේ ගත වූ කාලසීමාවේ පමණක් වාර්තා වී […]

FEATURE
on Feb 27, 2023
269 views 0 secs

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා. ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ.

FEATURE
on Feb 27, 2023
329 views 0 secs

ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR ක්‍රමය අප්‍රේල් 10 වනදා වන විට අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම දැනට වෙන් කර ඇති කෝටාව ක්‍රමයෙන් වැඩි කිරීමට අදාළ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව එම ටුවිටර් පණිවිඩයේ සඳහන් ය. ඉදිරි මාස කිහිපය තුළ මුදල් […]

FEATURE
on Feb 27, 2023
267 views 0 secs

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව මයන්ත දිසානායක මහතා අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබේ . පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කරනු ලැබුවේය.

FEATURE
on Feb 25, 2023
270 views 1 sec

හෙට (26) සිට සීතාවක ඔඩිසි දුම්රිය ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටියා.කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග’ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ. ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක් , ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් […]

FEATURE
on Feb 25, 2023
271 views 0 secs

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රකාශ කළා.නිදහස් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම පියවරට සහය ඉල්ලා ඇති බවයි.“අගමැති ධූරයේ වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ අපේ හිතවතුන් යෝජනාවක් ගෙනාවා. […]

FEATURE
on Feb 25, 2023
293 views 0 secs

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණයට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මාධ්‍යවේදීන් අමතමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි.“අපි ඕනෑම වෙලාවක මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්. මේ ආණ්ඩුව මැතිවරණය දිනයිද කියලා අවිනිශ්චිතයි, ඒ නිසා තමයි මැතිවරණය කල් දැම්මේ” මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Feb 25, 2023
275 views 0 secs

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර ලක්ෂ 20 රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට ළඟා වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි , අමාත්‍ය මහින්ද […]

FEATURE
on Feb 24, 2023
258 views 0 secs

ජල බිල්පත් ගෙවීම 40% දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ඇති අතර, ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ. බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති […]