ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය අනිද්දා සිට (24) ඇරඹෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටියා.
ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 6.5 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාව සහ පාකිස්ථානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල […]
අද (22) දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ. අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද සඳහන් වූ අතර ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද වාර්තාවිය.
ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙස දැක්වුණු අතර අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම ඊයේ දිනයේ […]
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි.
නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති අතර එය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක් පමණ ගත වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බව එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා සඳහන් […]
මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන අතරතුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අද (21) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබූ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 334.93 වශයෙන්ද සඳහන් වී තිබුණි..
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය යටතේ ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක තුළ මෙරටට නිදහස් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය. මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බව […]
අද (20) දිනයේ මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කල අතර එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට […]
