Home > Articles posted by Admin (Page 113)
FEATURE
on Mar 26, 2023
299 views 0 secs

මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියා. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය […]

FEATURE
on Mar 26, 2023
327 views 0 secs

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබූ අතර, 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔහු ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත්වුණා. පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන […]

FEATURE
on Mar 26, 2023
254 views 0 secs

හෙට (27) සිට පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතය අතර මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් […]

FEATURE
on Mar 26, 2023
273 views 0 secs

කිරිපිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා හෙට (27) සිට කිරි තේ කෝප්පයක් රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. එමෙන්ම හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ බව කිරිපිටි ආනයනකරුවන් පසුගිය දා පැවසීය.

FEATURE
on Mar 26, 2023
293 views 0 secs

ටික්ටොක්, ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් තහනම් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ. රජයේ සේවකයන්ගේ දුරකථන සදහා එම මෙවලම් භාවිතා නොකරන ලෙස දැනුම් දී තිබෙන අතර දත්ත වල ආරක්ෂාව සම්බන්ධව ඇති අවිනිශ්චිතතාවය නිසා මෙලෙස තීරණය කල බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 22, 2023
457 views 0 secs

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය අනිද්දා සිට (24) ඇරඹෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටියා.

FEATURE
on Mar 22, 2023
280 views 0 secs

ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 6.5 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාව සහ පාකිස්ථානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල […]

FEATURE
on Mar 22, 2023
263 views 0 secs

අද (22) දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ. අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද සඳහන් වූ අතර ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද වාර්තාවිය.

FEATURE
on Mar 22, 2023
269 views 0 secs

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙස දැක්වුණු අතර අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම ඊයේ දිනයේ […]

FEATURE
on Mar 22, 2023
291 views 0 secs

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි.