Home > Articles posted by Admin (Page 110)
FEATURE
on Apr 17, 2023
564 views 0 secs

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසින් රඟදක්වන අතර මෙම චිත්‍රපටය ද්‍රවිඩ, හින්දි සහ තෙළිඟු භාෂාවන්ගෙන් එළිදැක්වීමට නියමිතයි..

FEATURE
on Apr 14, 2023
295 views 0 secs

අමෙරිකාවේ ටෙක්සාස් හි ගොවිපළක සිදු වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

FEATURE
on Apr 14, 2023
326 views 0 secs

උතුරු කොරියාව එරට පළමු ඝන ඉන්ධන බැලස්ටික් මිසයිලය අත්හදා බලා තිබේ.2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදනය ආරම්භ වූ අතර එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක පිම්මක් බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියා. මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ අවස්ථාව සදහා උතුරු කොරියානු ජනාධිපතිවරයා, ඔහුගේ දියණිය, බිරිඳ සහ සහෝදරිය ද පැමිණ තිබීම විශේෂත්වයකි. ඝන ඉන්ධන මගින් […]

FEATURE
on Apr 14, 2023
298 views 0 secs

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට දින (15) දක්වා බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සදහන් කළේ, හෙට සිට 18 වැනිදා දක්වා පිට පළාත්වල සිට කොළඹට පැමිණීම සඳහා ද බස් රථ යොදවන බවයි. ඉරිදා සහ සති අන්ත […]

FEATURE
on Apr 14, 2023
298 views 0 secs

අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත. එමෙන්ම අඩ දින පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි. ආහාර පිසීමේ නැකත අපරභාග 3.29ට යෙදී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව […]

FEATURE
on Apr 5, 2023
322 views 0 secs

ඊයේ (04) රාත්‍රියේ ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත […]

FEATURE
on Apr 5, 2023
290 views 4 secs

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කර ඇති බව වාර්තා වේ. උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්ධන කෝටාව ඉහළ දැමූ ආකාරය පහතින්, *විශේෂ ත්‍රීරෝද රථ – […]

FEATURE
on Apr 4, 2023
290 views 0 secs

අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි හෝ ගිගුරුම් […]

FEATURE
on Apr 4, 2023
295 views 0 secs

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 LITRO ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005කින් අඩු කෙරේ.ඒ අනුව එහි නව මිල රු.3738 කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 402කින් අඩුවී නව මිල රුපියල් 1502ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 183කින් පහළ ගොස් නව මිල රුපියල් 700කි.

FEATURE
on Apr 4, 2023
301 views 0 secs

අද (04) සිට සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දී තිබේ. යළි පාසල් ආරම්භ වන්නේ, ලබන 17 වන සඳුදායි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට නිවාඩු ලබා දෙන බව ය.