Home > Articles posted by Admin (Page 109)
FEATURE
on Apr 21, 2023
185 views 0 secs

පසුගිය දා පානදුර සහ අකුරණ ප්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ ඉස්ලාමීය යාඥාවන් ඉලක්ක කර ගනිමින් ආරක්ෂක අවදානම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවයි.එබැවින් එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය […]

FEATURE
on Apr 21, 2023
199 views 0 secs

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේදී විශේෂ සැමරුමක් ආරම්භ වී තිබේ. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකික ජනතාවට ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සඳහා පල්ලියේ ප්‍රයත්නයට සහය දක්වමින් අද (ජන පවුර) මානව දම්වැල විරෝධතාවයකට එක්වන ලෙස ආරාධනා […]

FEATURE
on Apr 17, 2023
201 views 0 secs

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන දින, එනම් එළඹෙන සිකුරාදා දින යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියා. අගරදගුරු මැදුරේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

FEATURE
on Apr 17, 2023
206 views 0 secs

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Uළ් 605 දරණ යානයේ ඇතිවු කාර්මික දෝෂය හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීම පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙන අතර ගුවන් යානය අලුත්වැඩියා […]

FEATURE
on Apr 17, 2023
212 views 0 secs

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූ කම්පනයක් හටගෙන තිබේ. එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව සඳහන්ය. කෙසේ වුවද ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් […]

FEATURE
on Apr 17, 2023
447 views 0 secs

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසින් රඟදක්වන අතර මෙම චිත්‍රපටය ද්‍රවිඩ, හින්දි සහ තෙළිඟු භාෂාවන්ගෙන් එළිදැක්වීමට නියමිතයි..

FEATURE
on Apr 14, 2023
191 views 0 secs

අමෙරිකාවේ ටෙක්සාස් හි ගොවිපළක සිදු වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

FEATURE
on Apr 14, 2023
230 views 0 secs

උතුරු කොරියාව එරට පළමු ඝන ඉන්ධන බැලස්ටික් මිසයිලය අත්හදා බලා තිබේ.2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදනය ආරම්භ වූ අතර එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක පිම්මක් බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියා. මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ අවස්ථාව සදහා උතුරු කොරියානු ජනාධිපතිවරයා, ඔහුගේ දියණිය, බිරිඳ සහ සහෝදරිය ද පැමිණ තිබීම විශේෂත්වයකි. ඝන ඉන්ධන මගින් […]

FEATURE
on Apr 14, 2023
193 views 0 secs

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට දින (15) දක්වා බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සදහන් කළේ, හෙට සිට 18 වැනිදා දක්වා පිට පළාත්වල සිට කොළඹට පැමිණීම සඳහා ද බස් රථ යොදවන බවයි. ඉරිදා සහ සති අන්ත […]

FEATURE
on Apr 14, 2023
212 views 0 secs

අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත. එමෙන්ම අඩ දින පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි. ආහාර පිසීමේ නැකත අපරභාග 3.29ට යෙදී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව […]