Home > Articles posted by Admin (Page 106)
FEATURE
on May 17, 2023
205 views 0 secs

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අද (17) අභාවප්‍රාප්ත විය.ඔහු මියයන 73 වියෙහි පසු වුණා. 1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන් මහතා, පසුබිම් ගායකයෙකු ලෙස මෙරට චිත්‍රපට රැසකට දායක වුණා. 1964 වසරේ තිරගත වූ දෝසිති චිත්‍රපටයේ ජනප්‍රිය ගීත මෙරට රසිකයින් වෙනුවෙන් ගායනයත් සමග ටෝනි හසන් මහතා හින්දි ගීත ගායනයට පිවිසි අතර එතැන් පටන් මෙරට […]

FEATURE
on May 17, 2023
195 views 0 secs

පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

FEATURE
on May 17, 2023
192 views 0 secs

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන්ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධනද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on May 17, 2023
400 views 4 secs

2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව ඝූග්ලෙ සමාගම ප්‍රකාශ කර සිටියා. ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති athara මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම […]

FEATURE
on May 15, 2023
181 views 0 secs

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා , මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර සිටියා. හිටපු ජනාධිපතිවරයා නැවත තනතුරකට පත්කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ ආශිර්වාදයෙන් සිදුකරන බවත්, හොර රහසේ සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

FEATURE
on May 15, 2023
209 views 0 secs

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ. උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති අතර එළඹෙන 17 වනදා එම ධුර සඳහා ආණ්ඩුකාර නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 15, 2023
213 views 0 secs

නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය දින 100ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එළඹෙන ජුනි මස 13 වනදා සිට දින මෙලෙස බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. නියමිත ප්‍රධාන අලුත්වැඩියා […]

FEATURE
on May 15, 2023
197 views 0 secs

ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර Wඓඨ් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති 4 පුරාවට බොර තෙල් මිල පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.

FEATURE
on May 15, 2023
216 views 0 secs

අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මෙම්ම වැඩසටහන පළමුවෙන්ම කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියා. ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට […]

FEATURE
on May 15, 2023
188 views 0 secs

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ. පොතුහැර හා තලවත්තේගෙදර අතරදී එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටී මෙලෙස එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ මාර්ගයට වැටී තිබූ ගසක ගැටීමෙන් රේල් බස් රථයක් පීලිපැනීමකට ලක්විය.