Home > Articles posted by Admin (Page 106)
FEATURE
on May 22, 2023
234 views 0 secs

යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් (22) ආරම්භ වූ අතර මෙම සහනාධාරය හිමිවීමට නියමිත ගොවීන් සංඛ්‍යාව, හයලක්ෂ පනස් දහසකි. ඒ අනූව හෙක්ටයාරයක වී වගාවක් සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක් හිමිවෙයි. ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා මෙම සහනාධාරය […]

FEATURE
on May 22, 2023
222 views 0 secs

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙක් වනමධුෂාන් චන්ද්‍රජිත් මහතා පත් කර තිබේ. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැඋවේ වසන්ත මුදලිගේ වේ.

FEATURE
on May 18, 2023
240 views 0 secs

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ ඔහු බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැ‍‍ඳෙන ගායන ශිල්පියෙකු වීමට සමත් වුණා. හා මල් පිපෙන්නේ, වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, […]

FEATURE
on May 18, 2023
242 views 0 secs

ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. කෙසේ වුවද අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය මත සැබෑ ලෙස විදුලි ගාස්තු 27% කින් අඩු කිරීමේ හැකියාවක් ඇති බවත්, බලධාරීන් වැරදි දත්ත මත පිහිටා […]

FEATURE
on May 18, 2023
226 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබුණෛ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටත්, විකිනුම් මිල රුපියල් 312.37ක් ලෙසටත් සඳහන් වුණා.

FEATURE
on May 17, 2023
242 views 0 secs

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අද (17) අභාවප්‍රාප්ත විය.ඔහු මියයන 73 වියෙහි පසු වුණා. 1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන් මහතා, පසුබිම් ගායකයෙකු ලෙස මෙරට චිත්‍රපට රැසකට දායක වුණා. 1964 වසරේ තිරගත වූ දෝසිති චිත්‍රපටයේ ජනප්‍රිය ගීත මෙරට රසිකයින් වෙනුවෙන් ගායනයත් සමග ටෝනි හසන් මහතා හින්දි ගීත ගායනයට පිවිසි අතර එතැන් පටන් මෙරට […]

FEATURE
on May 17, 2023
226 views 0 secs

පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

FEATURE
on May 17, 2023
233 views 0 secs

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන්ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධනද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on May 17, 2023
440 views 4 secs

2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව ඝූග්ලෙ සමාගම ප්‍රකාශ කර සිටියා. ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති athara මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම […]

FEATURE
on May 15, 2023
216 views 0 secs

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා , මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර සිටියා. හිටපු ජනාධිපතිවරයා නැවත තනතුරකට පත්කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ ආශිර්වාදයෙන් සිදුකරන බවත්, හොර රහසේ සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.