Home > Articles posted by Admin (Page 105)
FEATURE
on May 15, 2023
169 views 0 secs

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ. පොතුහැර හා තලවත්තේගෙදර අතරදී එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටී මෙලෙස එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ මාර්ගයට වැටී තිබූ ගසක ගැටීමෙන් රේල් බස් රථයක් පීලිපැනීමකට ලක්විය.

FEATURE
on May 15, 2023
187 views 0 secs

රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් , ජපානයේ කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබදව භූකම්පනයක් හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

FEATURE
on May 12, 2023
155 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙසත්, විකුණුම් මිල රු.320.03 ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබිණි.

FEATURE
on May 12, 2023
172 views 0 secs

මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 12, 2023
177 views 0 secs

කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එහි පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 12, 2023
158 views 0 secs

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on May 10, 2023
224 views 0 secs

හෙට (11) සිට මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම ප්‍රකාශ කර සිටියා. මෙහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බව එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කර සිටියා.

FEATURE
on May 10, 2023
167 views 0 secs

මේ වනවිට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතියහොත් ඉදිරි මාස දෙකක කාලය අතිශය අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්වය පාලනයට අවශ්‍ය පියවර ගත යුතු බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. වෙනත් වසර වල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම ජුනි සහ ජුලි මාසවල දක්නට ලැබෙන අතර මෙම වසරේ එය මාර්තු සහ අප්‍රේල් මාසවල සිටම දක්නට ලැබෙන බවයි ජාතික බෝවන […]

FEATURE
on May 10, 2023
170 views 0 secs

අත්අඩංගුවට පත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් එරට දූෂණ විරෝධී ආයතනයේ භාරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉස්ලාමාබාද් අධිකරණය මෙම නඩුව ලබන මැයි 17 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

FEATURE
on May 9, 2023
426 views 6 secs

Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි (sharing documents with caption) යන නව විශේෂාංග 3ක් හඳුන්වාදී තිබේ..මෙම නව යාවත්කාලීන කිරීම් (update) ගෝලීය වශයෙන් නිකුත් වෙමින් පවතින අතර යෙදුමේ නවතම අනුවාදය ස්ථාපනය කර සියලුම පරිශීලකයින් වෙත නිකුත් […]