Home > Articles posted by Admin (Page 108)
FEATURE
on May 9, 2023
211 views 0 secs

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.

FEATURE
on May 9, 2023
191 views 0 secs

අද (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ. මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කර සිටියේ. වහාම එම තීරණය හකුලාගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් අද මධ්‍යම රාත්‍රී 12 […]

FEATURE
on May 8, 2023
205 views 0 secs

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් රුපියල් 225 ක් වූ සීනී සීනි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 250 කි බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියා. මෙලෙස මිල ඉහල දැමීමට හේතුව ලෙස ඉන්දියාව සීනි […]

FEATURE
on May 8, 2023
183 views 0 secs

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගිය අතරඑහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.

FEATURE
on Apr 25, 2023
210 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය […]

FEATURE
on Apr 25, 2023
214 views 0 secs

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි. උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 […]

FEATURE
on Apr 25, 2023
194 views 0 secs

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවීම හමුවේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව කැබිනට් තීරණවල සඳහන් ය. […]

FEATURE
on Apr 22, 2023
197 views 0 secs

ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියා. මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති අතර සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇටි බවද අමාත්යවරයා සඳහන් කළේය.

FEATURE
on Apr 22, 2023
440 views 0 secs

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (22) යෙදී තිබෙනවා. ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි.

FEATURE
on Apr 21, 2023
202 views 0 secs

මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.පහරදීමෙන් දරුවා රෝහල්ගත කර ඇති බවට දරුවාගේ මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.මහඔය පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනවලදී එම සිසුවාගේ පාසලේ ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් ගුරුවරුන් වයස අවුරුදු 34, 37 සහ 43 […]