Home > Articles posted by Admin (Page 111)
FEATURE
on Mar 31, 2023
211 views 0 secs

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මාස්ක් ලබන මස සංචාරයක් සඳහා චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියා. එම සංචාරයේදී ඔහු චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් හමුවීමටද නියමිතය. ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය යි.

FEATURE
on Mar 29, 2023
206 views 0 secs

ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා. පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්‍රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

FEATURE
on Mar 29, 2023
363 views 0 secs

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහ​න අමාත්‍යංශය පවසනවා. ඒ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙනි. අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

FEATURE
on Mar 29, 2023
195 views 3 secs

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල පහත දමා තිබෙනවා. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බව ලංකා ඓOC සමාගමද සඳහන් කර සිටියා. අඩු වූ මිල සහ නව මිල පහතින්. පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල […]

FEATURE
on Mar 29, 2023
200 views 0 secs

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවද එම සංස්ථාව සඳහන් කර සිටියා. අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට […]

FEATURE
on Mar 29, 2023
192 views 0 secs

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර මිලියන 2 ක අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

FEATURE
on Mar 28, 2023
244 views 0 secs

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට […]

FEATURE
on Mar 28, 2023
198 views 0 secs

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා. ගුවන්විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය රැසකට ගීත ගායනයෙන් දායකවී ඇති ඔහු ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය හා චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම සිය ප්‍රශස්ත සංගීත නිර්මාණ දායකත්වයද ලබාදී තිබෙනවා. සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු […]

FEATURE
on Mar 28, 2023
193 views 0 secs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 වන වියේ පසුවූ ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර අමාත්‍ය ධූර කිහිපයකද කටයුතු කර තිබෙනවා.

FEATURE
on Mar 28, 2023
218 views 0 secs

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා.